Pages

Saturday, September 30, 2017

හර්මන් හෙස / hermann hesse

                     
  1877 වර්ෂයේ ජූලි 02 වන දින ජර්මනියේ උපත ලද හර්මන් හෙස බටහිර සංදෘෂ්ටික වාදීන්ගේ පරපුරට අයත් ලේඛකයෙකි.


                       තරුණ වියේ දීම පොත් වෙළෙන්දෙකු ලෙස ජීවිකාව ඇරඹූ ඔහු වයස අවුරුදු විසි එක පිරෙන විට කවියෙකු ලෙසින් ලේඛන ලොවට පිවිසීය. ඔහු විසින් ලියන ලද "Peter Camensinid" නම් ප්‍රථම නවකතාව ඉමහත් විචාරක අවදානයක් දිනා ගැනීමට සමත් විය.

                     පළමුවන ලෝක යුද සමයේ දී ජර්මන් හමුදා ක්‍රියාදාමයට විරෝධය දැක්වීමක් වශයෙන් ස්විට්සර්ලන්තයට ගිය එහු 1912 දී සිදු වූ මරණය තෙක්ම ජීවත් වූයේ එහිය.

                  Rosshalde Gertrud Narziss and Goldmund වැනි නව කතා ඔහුගේ විශිෂ්ටතම කෘතින් අතරට වැටේ. ඔහුගේ සාහිත්‍යය කටයුතු අරභයා ස්විට්සර්ලන්ත විශ්ව විද්‍යාලයක් මගින් පී එච් ඩී උපාධියක්ද පිරිනමනු ලැබිණි.

               වසර 1946 දී සාහිත්‍යය පිළිබදව නොබෙල් ත්‍යාගය ඔහුට ලැබුණේ ඔහුගේ "The Glass Bead Game" නම් නව කතාව සදහාය.

                  වසර 85 ක් ආයු වළදා 1962 වර්ෂයේ අගෝස්තු 09 වන දින හර්මන් හෙස මිය ගියේය.

ඔඹගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න.............. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න