Pages

Tuesday, September 19, 2017

ඩඩ්ලි සේනානායක / dudley senanayake

                     
  නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රතම අග්‍රාමාත්‍ය ඩී ඇස් සේනානායක මැතිතුමාගේත් එම මැතිණියගේත් දෙටු පුත් ලෙස 1911. 06. 19 වන දින බෝතලේ වලව්වේ දී ඩඩ්ලි සෙල්ටන් සේනානායක කුමරුවා උපත ලැබීය.


                        ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු එහිදී මලල ක්‍රීඩා අංශ වලින් හා අනෙකුත් ක්‍රීඩා වලින් මහත් දස්කම් ප්‍රදර්නශය කළේය. ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලු විය. පසුව දිවයිනට පැමිණ තම පියාණන්ගේ කටයුතු වලට සහය විය.

                        අධිනීතිඥයෙකු වශයෙන් ටික කලක් කටයුතු කළ මෙතුමා පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසුණි. 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් වීමට ඔහුට හැකියාව ලැබුණි.

                        ලංකා ජාතික සංගමයට බැදුණ ඩඩ්ලි සේනානායක මහතා 1938 දී එකල ආණ්ඩුකාරවරයාට අසීමිත බල තල පැවරිම ගැන තදින් විරුද්ධ විය. 1947 දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී දැදිගම අසුන ජය ගත් ඩඩ්ලි සේනානායක මහතා ඇමති පදවියකට පත් විය. පියාගේ හදිසි අභාවයෙන් පසු ඔහුට අගමැති පදවියට පත් වීමට අවස්ථාව ලැබුණි.

                         ඔහු මෙරට ලාබාලම අගමැතිවරයා ලෙස වයස අවුරුදු 41 දී දිවුරුම් දුන්නේය. ශ්‍රේෂ්ඨ දේශපාලකයෙකු වූ මෙතුමා 1953 දී අගමැති පදවියෙන් ද දේශපාලනයෙන් ද තාවකාලිකව සමු ගත්තේය.

                           ජනතා ඉල්ලීම් මත යළිත් 1965 දී සිව්වන වරටත් ඔහු අගමැති විය. 1966 දී දිළිදු ජනතාවට අනුකම්පාවෙන් හාල් සේරුවක් නොමිලේ ලබා දිමට කටයුතු කරන ලද්දේ ද ඩඩ්ලි සේනානායක මහතා විසිනි. එනිසා "බත් දුන් පියා" යනුවෙන් මෙතුමා ජනතාව විසින් හදුන්වනු ලැබූහ. මොහු පියාගේ අඩි පාරේ යමින් ලක් බිමේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් ගත්තේය. අවංක දේශපාලකයින් අතරින් මෙතුමා මුල් පෙළේ සිටියි.

                        1970 දී තම රජය බිද වැටීමෙන් පසු මෙතුමා හදිසියේ රෝගාතුර වී 1973 .04. 13 වන දින දැයෙන් සමු ගත්තේය. මෙතුමා මහත්මා දේශපාලකයෙකු ලෙස අමරණීය වේ.   

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න