Pages

Monday, September 25, 2017

සාරංග දේව / Saranga Dhewa

                       සාරංග දේව පඩිවරයා විසින් ප්‍රබන්ධිත "සංගීත රත්නාකරය" ඉතාමත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් සංගීත ඉතිහාසයේ සදහන්ව තිබේ.


                      භාරතීය සාහිත්‍ය ඉතිහාසය තුළ ද මෙය ඉතා උසස් කෘතියක් ලෙසින් සැළකේ. සංස්කෘතයෙන් ලියැවී ඇති මෙම "සංගීත රත්නාකරය" සංගීතය පිළිබද දීර්ඝ විස්තරයකින් සමන්විත වේ.

                    සාරංග දේවයන්ගේ මුතුන් මිත්තන්ගේ නිජබිම වූයේ කාශ්මීර දේශයයි. ඔහුගේ පියා "භාෂ්කර්" නම් විය. උත්තර භාරතයට තුර්කි වරුන්ගේ ප්‍රහාරයන් එල්ල වන විට දක්ෂිණ භාරතය දෙසට මොවුන් සංක්‍රමණය වූ බව කියනු ලැබේ. මොවුහු ප්‍රිශ්ගන් ගෝත්‍රයට අයත් බ්‍රාහ්මණයින් වන අතර උගතුන් වූහ. සාරංග දේව පඩිතුමා භාරතය තුළ චින්තකයෙක්, වේදාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක් හා සංගීතඥයෙක් ලෙස නමක් දිනා ගත්තේය.


ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න....

1 comments:

Unknown said...

මෙම සංගීත රත්නාකර පොත මට ගන්න බැරිවෙයි ද?

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න