Pages

Thursday, September 21, 2017

චාල්ස් ඩිකන්ස් / charles dickens

                           
1812 වර්ෂයේ දී එංගලන්තයේ පෝර්ට්ස්මවුත් නගරයේ දී චාල්ස් ඩිකන්ස් උපත ලැබීය. මොහුගේ පියා නාවික ලිපිකරුවෙකි. හදිසියේම මොවුන්ට ලන්ඩනයට යාමට සිදු විය.


                             ඩිකන්ස් සේවය කළ පුවත්පතක කතෘවරයෙකුගේ දියණියක් වූ කැතරින් හොගාර්ත් ඔහුගේ ප්‍රිය බිරිද වූ අතර ඔහුට දරුවන් දස දෙනෙකුද වීය. ඔහු ජීවිතය යහපත් අයුරින් ගත කළ නමුත් පසු කාලීනව නළගනක් සමග සම්බන්ධ වී තම බිරිදද දරුවන්වද හැර ගියේය.

                            ආර්ථික අගහිගකම් වලින් පීඩිත වූ චාල්ස් ඩිකන්ස් මහතා සුලු සුලු රැකියා කරන්නට විය.පසු කාලීනව නීතීඥයෙකු ළග ලිපිකරු සේවයෙහි වසර 07 ක් පමණ නිරත විය. තව ද " ද මෝනින් ක්‍රොනිකල්" පුවත් පතේ වාර්තාකරුවකු ලෙස සේවයට බැදී "බොස් " යන ව්‍යාජ නාමයෙන් පෙනී හිද විශාල මෙහෙවරක් ඉටු කළේය.

                        වයස අවුරුදු 25 දී 'සැමුවෙල් පික්වික්', 'සෑම් වෙලර්' සහ 'ටප්මන්' යන චරිත ඇතුළත් "Pickwick Papers" නම් කෘතිය ඔහුගේ ප්‍රථම කෘතිය ලෙස එළි දැක්විණ. පසුව  "Oliver Twist" , " The Old Curiosity Shop" , "Barnaby Rudge" යන නව කතා ලියූ චාල්ස් ඩිකන්ස් නොනවත්වාම නවකතා ලිවීමෙහි නිරත විය. මොහු වැඩි වශයෙන් තම කෘති සදහා පාදක කර ගෙන ඇත්තේ ඒ සමයේ ජනතාව මුහුණ දුන් අසරණ දුගී ජීවන තත්වය, අවිචාර බව, ආදිපාද ක්‍රිස්තියාන ආකල්ප හා සදාචාරය, අනුකම්පා විරහිත බව, ජාති විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා යනාදියයි.

                        පසු කාලයේ ඔහු විසින් රචිත " Black House" "Dombey and Son" "A Tale of Two Cities" "Our Mutual Friend" යන කතා මනා සංයමයකින් ලියූ ඔහුගේ සාර්ථක නිර්මාණය.

                       සාහිත්‍ය ලෝකයට මහා පාඩුවක් සිදු කරමින් 1870 ජූනි 09 වන දින හෘදයාබාධයකින් චාල්ස් ඩිකන්ස් මෙලොව හැර ගියේය. වෙස්ට්මිනිස්ටර් ඇබේ නැමති දෙව් මැදුර පරිශ්‍රයේ විශේෂ වරප්‍රසාද ලත් අය සදහා වෙන් කොට ඇති Poxets Cornei නම් වූ කවීන්ගේ පියස නම් වූ ස්ථානයේ ඒ මහා කතාකරුවාගේ සිරුර මිහිදන් කළේය. මෙම ස්ථානයේ මිහිදන් කර ඇත්තේ තවත් විශේෂ වූ කතුවරුන් කිහිප දෙනෙකුගේ ශරීරයන් පමණි.

                       

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න