Pages

Friday, September 29, 2017

‍ෆැන්සිස් බේකන් / francis bacon

                   
1561 වර්ෂයේ ජනවාරි 22වන දින ලන්ඩන් නගරයේ ෆ්‍රැන්සිස් බේකන් මහතා උපත ලැබීය. බේකන්ගේ පියා රාජ්‍ය පරිපාලන සේවයේ උසස් නිළධාරියෙකි. මව වන්නේ මහා මානව විද්‍යාඥ ඇන්තනී කුක් ගේ දියණියයි.


                      බේකන් මහතා විසින් "උද්ගමන වාදය" මුලින්ම ලොවට හදුන්වා දෙන ලදී. විද්‍යාත්මක ගවේෂණයේ පියා ලෙස සළකන්නේ ද ෆ්‍රැන්සිස් බේකන්ය.

                     බේකන් ගේ ප්‍රබන්ධ පළමුකොට එළි දුටු වකවානුව එළිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය සමයයි. එය ස්වර්ණමය යුගයක් විය.

                   බේකන් හා ශේක්ස්පියර් සමකාලීන ලේඛකයෝ වූහ. එහෙත් බේකන් ෂේක්ස්පියර්ට වඩා අවුරුදු තුනකින් වැඩි මහල් වූ අතර ක්ෂේස්පියර්ට වඩා දස වසරක් ජීවත් වූහ.

                       බේකන් ගේ ගද්‍ය රචනා විලාසය සරල විය. ගැඹුරු විය. රසවත් විය. ඒ අතරම යම් ගුප්ත ස්වභාවයක් ද ඒවායේ දක්නට ලැබුණි.

                      බේකන් ගේ ප්‍රබන්ධ දර්ශන වාදයකට වඩා සාහිත්‍යයකි. එහෙත් ඇතුළතින් ඇතුළට කල්පනා කළ යුතු දර්ශන එහි ගැබ් වී නැතුවාම නොවේ. ඔහුගේ නිබන්ධන පැරණි ලෝකය අභිනව ලෝකයක් බවට පත් වෙමින් තිබුණු අනුස්මරණීය වකවානුවක, විචක්ෂණ ශාස්ත්‍ර ඥානයකින් පරිසමාප්ත වූ ශ්‍රේෂ්ඨතර වියතකෙුගේ හද පත්ලෙන් නිකුත් වූ සුවහසක් ලෝකයා පිළිබද හෘදයාංගම වූ එහෙත් විවේචනාත්මක වූ චින්තාවලියක් සේ සැලකිය හැකිය.

                       බේකන් ගේ ප්‍රබන්ධ කියවන කල්හි පාඨකයා තුළ ඇති වන කිසියම් කුතුහලයක් වෙයි. ඇතැම් කරුණු ගැන ගැඹුරින් කල්පනා කිරීමට සිත් පෙලඹෙන පරිද්දෙන් යම් යම් දේ පිළිබද සියුම් තැන් මතුකර දීමේ සහජ ශක්තියක් බේකන්ගේ රචනා වල ඇත. "සත්‍යය" පිළිබද ඔහුගේ ප්‍රථම නිබන්ධනය එබදු එකකි. "සත්‍යය සොයා ගැනීමටත් වඩා සත්‍යය අසත්‍යයෙන් බේරා ගැනීම අති දුෂ්කරය" යනුවෙන් බේකන් කියන්නේ පරම සත්‍යයකි.

                       සාහිත්‍ය ලෝකයට නවමු පිටුවක් පෙරලා තබා ෆ්‍රැන්සිස් බේකන් මහතා 1626 අප්‍රේල් 09 වන දින මෙලොවින් සමු ගත්තේය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න...........

                    

3 comments:

Poojani Ashinshana said...

👍👍👍

Unknown said...

nice job

Unknown said...

❤️❤️

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න