රුසියානු ජාතික ඇන්ටන් චෙකෝෆ් පාඨක ලෝකයා අතර වඩාත් ජනප්‍රිය වූයේ කෙටි කතා කරුවෙකු වශයෙන් වු වද හුදු වාණිජත්වයට යට වී තිබූ රුසියානු නාට්‍ය කලාව නව ජීවයක් පිඹ නාට්‍ය කලාවේ ප්‍රගමනයට මුල් වූ නාට්‍ය රචකයෙකු ලෙස ද ඔහු කැපී පෙනෙයි.
1860 වර්ෂයේ ජනවාරි 29 වන දින මැගන්රොප් නුවර උපත ලද චෙකෝෆ් වෛද්‍ය අධ්‍යාපනය ලබා සුලු කාලයක් වෛද්‍ය වෘත්තියෙහි නියැලුණේය. තියුණු නිරීක්ෂණ ශක්තිය පළ කරන උපහාසාත්මක හා හාස්ය්‍යෝත්පාදක කෙටි කතා කරුවෙකු වශයෙන් ඔහු සාහිත්‍යයට පිවිසියේය. 1901වර්ෂයේ දී මොස්කව් කලා රගහලේ නිළියක වූ ඔල්ගා කීපර් සමග විවාහ විය.
"බෝදිලිමා" "ප්‍රිෂිබේයෆ්" "මුලාදෑනියා" හා "අපරාධකාරයා" එම කතා වලින් කිහිපයකි.
1890 සිට චෙකෝෆ් රුසියානු ජීවිතයේ සමකාලීන වැදගත් ප්‍රශ්න විග්‍රහ කරන කතා ලිව්වේය. ඔහුගේ "හයේ වාට්ටුව" නම් කතාවෙන් නිදහස් චින්තනය කෲර ලෙස විනාශ කර දමන සාර් රුසියාව සංකේතාත්මකව නිරූපණය කරයි.
"ඉයොනිව් " නම් කතාවට විෂය වී ඇත්තේ ජීවිතය පිළිබද පටු මත වලට ගොදුරු වෙමින් පවතින සුලු නගරයක විසූ අවංක බුද්ධිමත් වෛද්‍යවරයෙකුගේ ආධ්‍යාත්මික පරිහානිය ය. නීචකම, උදාසීත්වය හා හිස් බව චෙකෝෆ් තම කෘතීන්ගෙන් විවේචනයට භාජනය කරයි.
"පියා නැතිව" නාට්‍යය චෙකෝෆ්ගේ ප්‍රථම නාටය නිර්මාණයයි. ප්‍රථම දීර්ඝ නාට්‍යය "අයිවනෝප්" ය. 1896 දී "මුහුදු ලිහිණියා" 1898 දී "වන්‍යා මාමා" 1901 දී "සහෝදරියෝ තිදෙනා" 1903 දී "චෙරි උයන" "මගුල් ප්‍රස්ථාව" "වළහා" "සාංවාත්සරික උත්සවය" වැනි නිර්මාණ චෙකෝෆ් නාට්‍ය ලෝකයට දායාද කළේය.
මොහුගේ තරුණ කාලයේ පටන් බල පෑ ක්ෂය රෝගය නිසා සෞඛ්‍යය පිරිහී යමින් ජර්මනියේ බෙඩ්වයිලර් හි සුවිසල් මන්දිරයක රැදී සිටිය දී 1904 ඣූලි මස 15 වන දින වයස අවුරුදු 44 දී මිය ගියේය.
0 comments:
Post a Comment