Pages

Thursday, September 21, 2017

ඔස්කා වයිල්ඩ් / oscar wilde

                               
1854 වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින එංගලන්තයේ ඩබ්ලින් නුවර දී ඔස්කා වයිල්ඩ් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා දැඩි සාහිත්‍ය කාමියෙකු වූ ශ්‍රීමත් විලියම් වයිල්ඩ්ය. ඔහුගේ පියා ඇස් කන් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකි.


                                ඔස්කා වයිල්ඩ්, එනිස්කිලන් පෝර්ටෝරා රාජකීය විදුහලින් මූලික අධ්‍යාපනය හැදෑරීය. පසුව ට්‍රිනිට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා ඔක්ස්පර්ඩ්හි මග්දලින් සරසවියට ඇතුළත් විය. සරසවි අධ්‍යාපනය හොදින් හැදෑරූ ගෞරව උපාධියක් සහිතව විභාගයෙන් සමත් විය. මෙම වකවානුවේ දී ඔහු නාට්‍ය රචකයෙකු ලෙසත් උපහාස කතා ගෙතීමේ දක්ෂයෙකු ලෙසත් සරසවියේ නමක් දිනා තිබුණි.

                                1880 වර්ෂයේ දී ඔස්කා වයිල්ඩ් මූලිකත්වයෙන් උපහාස රචකයන්ගේ සංගමයක් පිහිටුවා ගනු ලැබීය. ඔවුන් ප්‍රථමයෙන් රග දක්වන ලද නාට්‍යය වූයේ ඉවසීම (Patience) නම් නාට්‍යයයි. එම නාට්‍යය මුලු එංගලන්තයම සිනා සයුරේ ගිල්ලීමට සමත් විය.

                               1884 වර්ෂයේ දී කොන්ස්ටන්ට් ලොයිඩ් නම් යුවතිය සමග විවාහ වීමෙන් පසු එංගලන්තයේ හේලි මෝල් ගැසට් පුවත්පතේ ලේඛකයෙකු ලෙසද  ඔහු කටයුතු කළේය.

                               ඔස්කා වයිල්ඩ් ලියූ "ප්‍රීතිමත් කුමාරයා හා වෙනත් කතා" යන කෘතියද ඉතාමත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු රචනා කරන ලද "සැලෝම්" නාට්‍යය 1893 දී ප්‍රංශ භාෂාවෙන් ලියා තිබූ නමුත් එයට ඇති වූ අධික ඉල්ලුම නිසා එය ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කරන්නට සිදු විය.

                            නිරතුරුවම රසිකයින් සිනා සයුරේ ගිල් වූ මේ අසහාය පුද්ගලයා වරක් සිරගත කරනු ලැබීය. එම සිරගත වීමෙන් පසු ඔහුට එංගලන්තය එපා වී ප්‍රංශයට ගොස් ජීවත් විය.එහි දී ඔහු විසින් ලියූ "කියවීමේ ජයග්‍රාහී ගීතය" (The Balled Of Reading Goal) නම් කෘතිය ප්‍රංශයේ පමණක් නොව එංගලන්තයේ දී ද සීඝ්‍රයෙන් අලෙවි විය.

                           උපහාස රසයෙන් ලොවක් නැළ වූ ඔස්කා වයිල්ඩ් නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා 1900 නොවැම්බර් 30 වැනි දින ප්‍රංශයේ පැරිස් නුවර දී අභවප්‍රාප්ත විය.
                                

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න