Tuesday, May 31, 2016
කුමාරතුංග මුනිදාස / kumaratunga munidasa

1887 ජූලි 25 වැනිදා දකුණු පළාතේ මාතර, දික්වැල්ලේදී කුමාරතුංග මුනිදාස මහතා උපත ලැබීය. පළන්වින්නේගේ මුනිදාස කුමාරතුංග යන උප්පැන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමරතුඟු මුනිදස් ආදී වශයෙන් වරින් වර වෙනස් විය. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලී පුත්ත තිස්ස විදුහලේ ඉගනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද්වි භාෂා අංශයෙන් පුහුණුවක් ලැබීය.
Monday, May 30, 2016
දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු.
දඹදෙණි යුගය ලංකාවේ රාජධානි ඉතිහාසය තුළ සාහිත්‍යය සඳහා මහඟු සේවාවක් සිදු වූ යුගයකි. එම කාලයෙහි රජ කළ රාජ්‍ය නායකයන්ගේද අනුග්‍රහය ලැබූ නිසාම මෙතරම් සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවීමට හේතු විය. දඹදෙණි රජ සමයේ රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සිංහල සාහිත්‍ය වංශයට එකතු කළ " කවි සිළුමිණ" කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි.
අප සමග එකතු වෙන්න

එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න