
අනතුරුව නිට්ටඹුවේ ගුරු අභ්‍යාස වාද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබීය. වෘත්තීය ජීවිතය ආරම්භ කළේ චිත්‍රකර්ම ගුරුවරයෙකු වශයෙනි. පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු වශයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයෙහි සෞන්දර්යය ඒකකයෙහි ප්‍රධානියා වශයෙන්ද මහගම සේකර මහතා සේවය කළේය.වෘත්තීය කටයුතු වල නියැලෙන අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බී.ඒ උපාධිය ලබා ගත්තේය. මහගම සේකර මහතා විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි පී.එච්.ඩී උපාධිය සඳහා ශාස්ත්‍රීය නිබන්ධනයක් සම්පාදනය කළේය.
ග්‍රන්ථකරණයට එළැඹියේ 1956 දී "ධවල සේනාංකය" නැමති පරිවර්තන කෘතිය පළ කරමිනි.එතැන් පටන් පළ කළ කෘති මාලාව අතර ව්‍යංග්‍යා (කේ ජයතිලක සමඟ), සක්වා ළිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ යන කවි පොත්ද, පීතර, මං තනන්නෝ, පුතාට කාර් එකක් යන කෙටි කතා ද, තුංමං හංදිය, මනෝ මන්දිර යන නවකතා පොත්ද, පුංචි අයට කයි කතන්දර, සරු පොළවක් අපට ඇතේ යන ළමා පොත්ද, මහගම සේකරගේ ගීත නැමති ගීත සංග්‍රහයද වෙයි.
මහගම සේකරයන් විසින් රචිත ඉතාමත් සංවේදී ගීත ලෙස ඩබ්.ඩී අමරදේව මහතා ගයන "මා මළ පසු සොහොන් කොතේ, මළ ඉර බසිනා සැන්දෑ යාමේ" ආදී ගීත හැඳින්විය හැක.චිත්‍රපට ගීත කරණයට පිවිසි මහගම සේකර මහතා ගැටවරයෝ, සාර විට, ආදරයයි කරුණාවයි, දෙලොවක් අතර, රන් සළු, පරසතු මල්, වෙසතුරු සිරිත, සත් සමුදුර ආදී චිත්‍රපට රැසකට ගීත නිර්මාණය කළේය.
වඩාත් සාර්ථක නිර්මාණයක් වූ තුංමං හංදිය පසු කලෙක චිත්‍රපටයකට නැඟිණි.සිත්තරෙකු වශයෙන්ද මහගම සේකර මහතා සුවිශේෂ කුසලතා දැක්වූවේය. කාලි, ඇතා, සිතුවිල්ල, දුක්බර කතාවක්, වෙස් මුහුණ ඔහුගේ සිතුවම් අතරින් කිහිපයකි. මීට අමතරව මොහු අතින් අලංකාර පොත් පිටකවර නිර්මාණය විය.
ප්‍රතිභා පූර්ණ ගීත රචකයෙක් නවකතා කරුවෙක් චිත්‍රශිල්පියෙක් චිත්‍ර පට අධ්‍යක්ෂවරයෙක් හා කවිායක් වූ මහගම සේකරයාණන් 1976 ජනවාරි 14 වන දින හෘද්‍යාබාධයකින් අභාවප්‍රාප්ත විය.
3 comments:
Thank you
Thank for beautiful essay
Thank for beautiful essay
Post a Comment