
ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි බිමට පිවිසියේය. ඔහු වැදගත් ශාසනික හා සාමාජික සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි.
පසුව පැවිදි ජීවිතයෙන් ඉවත් වූ ඔහු විද්‍යෝදය පිරිවෙන, කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්දා මහා විද්‍යාලය ආදී බෞද්ධ විද්‍යා පීඨයන්හි කලක් ඉගැන්වූ මෙතුමා ඉන්පසු පුහුණු ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ සහ යාපනයේද සේවය කළේය.
මෙතුමා තුරුණු වියෙහි සිටම පුවත්පත් සඟරා ආදියටකවි හා ලිපි සැපයීය. කළල් ඇල්ලේ ආනන්ද සාගර නැමති නම සංක්ෂිප්ත කිරීමෙන් සකසා ගන්නා ලද " කේයස්" නමින් එතුමා දිවයිනේ කා අතරත් ප්‍රසිද්ධියට පත් විය. එතුමාගේ සුප්‍රකට කාව්‍ය කෘතිය " සුදෝ සුදු" බිහි වූයේ මේ අවදියේය. එතුමා අතින් ලියැවුණු කාව්‍යයන් අතර "මල් හාමි" , "කාලකන්නියා" , " කන්දේ ගෙදර" , " විසිවුණු තරු" , "කැළණි විත්ති" , "පිළිරුව" , " අපේ ඇත්තන්ගේ විත්ති", ආදිය වේ. එතුමාගේ කාව්‍ය නිර්මාණ කරණයේ ඇති සරල කම හා අව්‍යාජ බස් වහර තේරුම් ගැනීමට හොඳම උදාහරණය ලෙස පහත දැක්වෙන කවිය ඉදිරිපත් කළ හැකිය.
ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
( සුදෝ සුදු )
ප්‍රවීණ ලේඛකයෙකු, කවියෙකු, ව්‍යක්ත දේශකයෙකු වූ කේයස් මහතා වරක් හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.
සාගර පලන්සූරිය මහතා 1961 ජුනි මස පරලෝ සැපත් විය.
0 comments:
Post a Comment