Pages

Wednesday, June 8, 2016

මීමන ප්‍රේමතිලක / Mimana Premathilaka

                         
1918 සැප්තැම්බර් 20 වැනිදා රයිගම් කෝරළේ මීමන නැමති ගම්මානයේදී උපත ලැබීය. උප්පැන්නයේ සඳහන් වී තිබුණු නම කරුණාරත්න ප්‍රේමතිලක යනුයි. ප්‍රේමතිලක මහතා ශිල්ප ශාස්ත්‍ර හදාළේ හොරණ තක්ෂිලාවෙන්, හොරණ විද්‍යාරත්න පිරිවෙනින් සහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි.


                        පොත් පත් කියවීම ජීවිතයේ ඉහළම සතුටක් ලෙස මීමන මහතා ඇදහුවේය. උසස් ගත් කතුවරයන්ගේ සිතුම් පැතුම් වලට රිංගීම සැබවින්ම සතුටට කරුණක් බවත් එමගින් ලද හැකි අත්දැකීම් ප්‍රමාණය විශාල බවත් ඔහු විශ්වාස කළේය. පාසල් වියෙහි දීම පුවත්පත් වලට කවි ලියා ප්‍රසිද්ධියට පත් විය. "ශ්‍රී ලංකා" නැමති කුලුඳුල් කවි පොත ලියා පළ කරන ලද්දේද ආනන්ද මහා විද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදීය. ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය අසමත් වීම නිසා උසස් අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු අතහැර 1936 දී සිළුමිණ කර්තෘ මණ්ඩලයට බැඳුණේය.

                   කිහිප වරක් ලේක්හවුස් ආයතනයෙන් අස් වී ගොස් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ලංකා කාර්මික විද්‍යාලයෙහි භාෂා පරිවර්තකයෙකු ලෙසද "ලංකාදීප" පත්‍රයෙහි උප කර්තෘ වරයෙකු ලෙසද සේවය කළේය. යළි ලේක්හවුස් ආයතනයට බැඳී,1961 සිට "සිළුමිණ"  පත්‍රයේ කර්තෘ ධූරය හෙබවීය.

                   කිරිහාමි, මිනිහා, මරණය, පාළුගම, පෙම් පඬුර, පෙම් රාජිණී, වනගත කවියා, ජීවන ගංඟා, නෙළුම් කැකුළු, අන්ධ ළමයා, අනංගයා, කුමුදුමතී, ආදරය, සුරපුර, ඈත් වූ ප්‍රේමය, අශෝකමාලා, එතෙර, ගම්බද තරුණිය යන කවි පොත් ද, මගේ ප්‍රේමය කලාව හා ජීවිතය නැමති ස්වයංලිඛිත චරිතාපදානයක් ද ලියා පළ කර ඇත.

                  දෙවන ලෝක යුද්ධ සමය නිසා යුද භටයන් ඉතා ආශාවෙන් කියැවූ එම පොත් පත් වලට තිබූ ඉල්ලුම ඉහළ ගියේය. මේ නිසාමදෝ මීමන ප්‍රේමතිලකයන් අතින් එවැනි කෘති වැඩියෙන් බිහි විය. පසුව එහි අහිතකර බව වැටහුණු නිසාමදෝ ඔහු " මගේ ප්‍රේමය කලාව හා ජීවිතය" කෘතියෙහි "යුද්ධ කාලය මට ගෙවී ගියේ කවීත්වය මොට්ට කරමින් සහ මුදල් වැඩි කරමිනි" යනුවෙන් සඳහන් කර තිබේ.

                    මීමන ප්‍රේමතිලක මහතා 1965 ජූලි 12 වනදා කලුරිය කළේය.

                 

1 comments:

Ajith Dharma. said...

හොඳ බ්ලොග් අඩවියක්. දැන් ලියන්නේ නැත්තේ ඇයි

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න