
කලක් ලංකා ජාතික ගුරු සංගමයෙහි සභාපති ධූරය දැරීය. පුවත්පත් වලට ඇතැම් ලිපි සම්පාදනය කරන ලද්දේ "පිංගලපුත්‍ර" "රාජමුරාරී" යන ආරූඪ නම් වලිනි.
ජී. එච් පෙරේරා මහතා හිටිවන කවි කීමෙහි දක්ෂයෙකි.ඔහු විසින් විවිධ මාතෘකා යටතේ ලියන ලද පද්‍ය නිර්මාණ "ස්වදේශ මිත්‍රයා" , "සිංහල ජාතිය" , "සරසවි සඳරැස" , "කවීන්දායා" , "සිංහල බෞද්ධයා" වැනි පුවත්පත් හා සඟරාවල පළ විය.
"බේබදු ගෙදර", "පරලොවට පණිවිඩයක්", "සූදු අන්තුවා" යන කවි පංති හා "වරකා මදුල" යන පද්‍ය සංග්‍රහය සමාජයේ ඇතැම් දුඹුල් තැන් වෙත එල්ල කරන ලද උපහාසය හා හාස්‍ය රසය මුසු නිර්මාණ ලෙස සැළකේ. එතුමා විසින් ලිටන ලද "බුද්ධස්තෝත්‍ර හෙවත් බුදුහාමුදුරුවෝ" නැමති භක්ති කාව්‍යය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. කවියෙකු වශයෙන් පමණක් නොව ප්‍රකට සාහිත්‍යධරයෙකු හා ප්‍රවීණ ගුරුවරයෙකු වූ ජී.එච් පෙරේරා මහතාගේ කාව්‍ය මගින් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා සැළසුණේ මහඟු සේවයකි. එතුමා විසින් ලක්දිව ඉතිහාසය හා සංස්කෘතිය අළලාලියන ලද ගද්‍ය කෘති කිහිපයක්ද වේ. "හෙළදිව අභිදානය" එවැන්නකි.
සොහිත්‍යයට මහඟු අත්වැලක් සැපයූ ජී. එච් පෙරේරා මහතා 1948 සැප්තැම්බර් 18 වැනිදා මෙලොවෙින් සමු ගත්තේය.
0 comments:
Post a Comment