
කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියටත් දඹුල්ල කඩමණ්ඩියෙන් කොළඹටත් කොළඹින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් අඟුරුකාරමුල්ල පන්සලේදී යළිත් පැවිදි විය. එහිදී කතෝලික පල්ලියේ පූජක පිරිසක් සමඟ ගැටීම නිසා තවදුරටත් භික්ෂු වේශයෙන් සිටීමේ අවදානමක් පෙනී යාම හේතු කොට ගෙන නැවත උපැවිදි විය.
1944 වර්ෂයේදී පියකොයුවේ බෞද්ධ මන්දිරයේ පැවති සමසමාජ පක්ෂයේ රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කිරීම නිසා රිමාන්ඩ් භාරයට ගැනිණි.1947 වර්ෂයේදී 'ලංකාදීප' කර්තෘ මණ්ඩලයට බැඳී 1960 දක්වා එහි සේවය කළේය. පුවත්පත් තීරු ලිපි රචනයට හා පද්‍ය රචනයට මෙන්ම ගීත රචනයටද උත්සුක විය.
1955 වර්ෂයේදී ප්‍රථම සිංහල ගුවන්විදුලි නාටකය වූ 'මනෝහාරී' රචනා කළ අතර 1957 දී 'කෝමළ රේඛා' නමින් ගීත සංග්‍රහයක්ද පළ කළේය. මෙම ගීත සංග්‍රහයට කවි පන්ති කිහිපයක් ද ඇතුළත් කළේ වී නමුත් කිසිදිනක කේවල කාව්‍ය සංග්‍රහයක් පළ කළේ නැත. කෝමළ රේඛා හැරුණු කළ මුද්‍රණය කරන්නට යෙදුණු එකම කෘතිය 'ගොළුදැරිය' (1962) නම් කුඩා කෙටි කතා සංග්‍රහයයි. අභාවයෙන් කලකට පසු සාහිත්‍ය රසය නමින් ලිපි එකතුවක්ද හදවත් නැත්තෝ නමින් කෙටිකතා පොතක්ද ඉහිරුණු කිරිබත නමින් ළමා ගී පොතක්ද මානවසිංහ සාහිත්‍යය නමින් ගද්‍ය පද්‍ය රචනා සංග්‍රහයක්ද එළිදැක්වුණි.
මානවසිංහයන්ගේ සියලු ගීත රචනා එක් තැන් කළ කෘතියක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් 1991 දී පළ කරන ලදී. එය 'මානවසිංහ ගීත නිබන්ධ' නම් වේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා 1964 ඔක්තෝබර් 4 වැනිදා කොළඹදී අභාවප්‍රාප්ත විය.
6 comments:
Mage grade 7 sina kumari padamata godak udaw wuna thanks
halo yaluwane oyalath awada mekata ? Mamanam meken ballala liuwe mama danne nehe neh.leave a comment
Mama tashiya
tashiya peris
Mage sinhala padamata udu una godak thanks
it is the best site with crrect information super ceep it up
Post a Comment