1887 ජූලි 25 වැනිදා දකුණු පළාතේ මාතර, දික්වැල්ලේදී කුමාරතුංග මුනිදාස මහතා උපත ලැබීය. පළන්වින්නේගේ මුනිදාස කුමාරතුංග යන උප්පැන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමරතුඟු මුනිදස් ආදී වශයෙන් වරින් වර වෙනස් විය. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලී පුත්ත තිස්ස විදුහලේ ඉගනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද්වි භාෂා අංශයෙන් පුහුණුවක් ලැබීය.
මෙතුමා ග්‍රන්ථ කරණයට පිවිසියේ 1917 දී පළ කළ "සාමාන්‍ය දැනීම ප්‍රශ්න" නම් කුඩා පොතිනි.
පසුව පැරණි පොත් වලට ලියූ විවරණ ග්‍රන්ථ 37ක්ද අලුතින් නිපැයූ පොත් 38 ක්ද සංස්කරණයන් 26 ක්ද ඉංග්‍රීසි බසින් කළ හේළියෝ සඟරාවද ඇතුලුව කෘති 102 ක් දායාද කළහ.
"හා හා හරි හාවා" , "තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී" , " ගස වතුසුදු - වී පිරිසිඳු - පොහොය නැතිඳු සිල් ගත් බඳු" මෙවැනි ළමා ගීත තුළින් ළමයාට සුන්දර ලොවක් බිහි කර දී තිබේ. මෙතෙක් කුමාරතුංග මහතාගේ නිර්මාණ අභිබවා යාමට සමත් ළමා නිර්මාණ බිහිවී නැත.
එතුමා " ඉදිරියටම යව් හෙළයිනි ඉදිරියටමැ යව්" ආදී වශයෙන් දේශය පිළිබඳ අභිමානයක් ගෙන දෙන ගීත ලාංකික ගී සාහිත්‍යයට එකතු කර තිබේ.
1939 දී ඇරඹි " සුබස" සඟරාව තුළින්ද කුමාරතුංග මහතා භාෂා පෙරලියකට මග හෙළි කළේය. එතුලින් සමකාලීන භාෂා ගැටළු විසදීමට මගපෙන්වීමක්ද කළේය.
සාහිත්‍ය විවාද රාශියකට සහභාගී වූ එතුමා "කුකවි වාදය" නැමති වාදයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළේය.
සංස්කරණය කොට විවරණ සහිතව පළ කරන්නට යෙදුණු ග්‍රන්ථ සංඛ්‍යාව 25 කට අධිකය. අලුතින් ලියන ලද ගද්‍ය පද්‍ය කෘති සංඛ්‍යාවද 30 කට අධික වේ. ඒවා නම් ශික්ෂාවතාරය, ශික්ෂාමාර්ගය (කාණ්ඩ 05කි). කුමරගී, සංස්කෘත ශික්ෂා මාර්ගය, හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, සුර කුමරිය, ශික්ෂා රත්නාකරය, ක්‍රියා විවරණය, ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ධ සංග්‍රහය, කවි ශික්ෂාව, අකුරු සැහැල්ල, පිය සමර,කුමාර පද්‍ය සංග්‍රහය, කුමාර ව්‍යාකරණය, කියවන නුවණ (කාණ්ඩ 05කි.) ඉබේ සකුව, නිකම් හැකියාව, ව්‍යාකරණ විවරණය, හෙළ මියැසිය යනාදියයි.
අභාවයෙන් මතු මුද්‍රණයෙන් පළ වූ ගද්‍ය පද්‍ය නිර්මාණ සහ ලිපි ලේඛන ද රාශියකි. කුමාරතුංගයන්ගේ සියලු පද්‍ය රචනා එක්තැන් කළ කෘතියක වෙළුම් දෙකක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 1970 දී සහ 1992 දී පළ කරන ලදී. එය 'කුමරතුඟු පැදි එකතුව' නම් වේ.
කුමාරතුංග මහතා සිංහල භාෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළේය. එතුමන් විසින් අපට දෙන ලද භාෂාමය සාහිත්‍යයමය හා ජාතික ආගමික දායාදයන් නිසා අපි තවමත් සිංහලයන් ලෙස සිටින්නෙමු.
කුමාරතුංග මුනිදාසයන් රෝගාතූරව සිට 1944 මාර්තු 02 වැනිදා පානදුරේ පල්ලිමුල්ලේදී මිය ගියේය.
19 comments:
niyamaiiiiiii
Thank U ....
patta
Thank U
Thanks
wow great
Thanks i found lots of details
Thanks😊😊😊
Patta
yes this is note is good
This was very useful thanks..
ඔබට කුමාරතුංග මුනිදාස ගේ "නිකම් හැකියාව" කෘතිය හමු වෙලා තියෙනවා ද?
Very helpful 👌
thank u
Niyamaiiii
Thanks....
ane thanks
Elakiri
Thankyou 🙏🙏🙏
Post a Comment