දඹදෙණි රාජ්‍ය සමයේ ලංකාවේ ජීවත් වූ විශිෂ්ඨ පඬිරුවනක් ලෙස විද්‍යා චක්‍රවර්තී හැඳින්විය හැකිය.
අනෙකුත් බොහෝ ලේඛකයන් කළේ සංස්කෘත හා පාලි ග්‍රන්ථ ඇසුරෙන් පොත පත ලිවීමයි. එහෙත් විද්‍යා චක්‍රවර්තීන් සිංහල භාෂාවටත් සිංහල සාහිත්‍යටත් අගනා සේවයක් සිදු වන ලෙස නවමු මඟක යමින් ස්වාධීන කෘතියක් පරිද්දෙන් " බුත් සරණ" කෘතිය රචනා කළේය.
පෙර ලේඛකයන්ට වඩා සාහිත්‍ය ගුණය " බුත්සරණ" කෘතියට ඇතුළත් කිරීමත්, නොයෙකුත් උපමා ඇතුළත් කිරීමත් නිසා අසීමිත බුදු බැතිය සිතෙහි දරාගෙන " බුත්සරණ" රචනා කර ඇති වග පැහැදිලිය. මෙයට අමතරව මොහු " දහම් සරණ" සහ " සඟ සරණ" යනුවෙන් කෘති දෙකක්ද රචනා කර තිබේ.
බුද්ධ චරිතයෙහි විවිධ අවස්ථාවන් විචිත්‍ර ලෙස හා අවස්ථාවෝචිත ලෙස ඉදිරිපත් කරන විද්‍යා චක්‍රවර්තීන් නාලාගිරි දමනය, තීර්ථක දමනය, අංගුලිමාල දමනය, ජටිල දමනය හා ආලවක දමනය සිය පාඨක මනසෙහි චිත්තරූප මැවෙන ලෙසත් බුදු රජාණන් වහන්සේ කෙරෙහි අපමණ භක්තියක් ඇති වන ලෙසත් විස්තර කර තිබේ. මෙහිදී එකම ශෛලියක් අනුගමනය නොකර විවිධ රචනා ශෛලීන් අනුගමනය කර තිබේ.
උදාහරණ ලෙස,
" තවද ඒ ස්වාමි දරුවාණන් වහන්සේ සදත් විල් තෙරෙහි සිටි නුගරුකකැයි සිතමි"
" උන් වහන්සේ වදාළ සද්ධර්මය සිහිල් සෙවණකැයි සිතමි."
" තවද මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ මහා වෛද්‍යයාණන් කෙනෙකැයි සිතමි"
" උන්වහන්සේ වදාළ සද්ධර්මය ආයුර්වේදය මන්ත්‍රයෙකැයි සිතමි."
" ස්වාමි දරුවාණන් වහන්සේ හස්ත්‍යාචාර්ය කෙනෙකැයි සිතමි."
බුත්සරණ පුරාම තිබෙන මෙවැනි උපමාවන් දෙස බලන කළ විද්‍යා චක්‍රවර්තීන්ගේ භාෂා කෞශල්‍යය මොනවට පැහැදිලි වේ.

0 comments:
Post a Comment