
කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයේ දියුණුවට ප්‍රබලව බලපානු ලැබුවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සැපයූ දායකත්වයයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සිංහල භාෂා සාහිත්‍යයට එකතු කළ කෘති වශයෙන්,
* කාව්‍ය ශේඛරය
* සැළලිහිණි සංදේශය
* පරෙවි සංදේශය
* පංචිකා ප්‍රදීපය
* බුද්ධිප්පසාදනී
යන ඒවා හැඳින්විය හැකිය.
පරෙවි සංදේශය රාහුල හිමියන්ගේ මුල්ම කෘතිය ලෙස නම් කළ හැකිය. මෙම සංදේශය ලිවීමට හේතු වූයේ පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට ගැළපෙන සැමියෙකුද, අනාගත රාජ්‍ය බාර ගැනීමට ඇයට පිංවත් පුත් කුමරෙකුද ලැබෙන ලෙස උපුල්වන් දෙවියන්ගේ පිහිට පැතීමයි.
කාව්‍ය ශේඛරය සත්තු හත්ත ජාතකය අළලා ලියැවුණු මහාකාව්‍යයකි. මෙය පරාක්‍රමබාහු රජුගේ දියණිය වන උලකුඩය දේවියගේ ආරාධනයෙන් රචිත බව මෙම කාව්‍ය සංග්‍රහයෙහිම සඳහන් වේ. කාව්‍ය ශේඛරය ලිවීමේදී සංස්කෘත මහා කාව්‍ය සම්ප්‍රදායේ තිබෙන යෙදුම්, වර්ණනා, අලංකාර, උපමා රූපක ආභාසයට ගෙන තිබේ. කාව්‍ය ශේඛරයෙහි කුඩා දරුවෙකු පිළිබඳ ඉතා කෙටියෙන් රසවත් ලෙස ඉදිරිපත් කර ඇති ආකාරය රාහුල හිමියන්ගේ මනා කවිත්වය අවබෝධ කර ගැනීමට හොඳම නිදසුන ලෙස දැක්විය හැකිය.
දත් කැකුළු පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළග දූලි ගාලා
0 comments:
Post a Comment