Pages

Friday, June 10, 2016

දයාසේන ගුණසිංහ / dayasena gunasinghe

                   
    1936 ජුනි 13 වැනිදා ඉංගිරියේදී දයාසේන ගුණසිංහ මහතා උපත ලැබීය. මතුගම ආනන්ද විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් අනතුරුව තෙවසරක පමණ කාලයක් ගුරු වෘත්තියෙහි නිරත විය.



                        ඉන්පසු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳී 'සිලෝන් ඩේලි නිවුස්' පත්‍රයේත් 'සිළුමිණ' පත්‍රයේත් කර්තෘ මණ්ඩල වල සේවය කළේය. 1981 දී උපාලි පුවත්පත් සමාගම විසින් ආරම්භ කරන ලද 'දිවයින ඉරිදා සංග්‍රහය' කර්තෘ මණ්ඩලයට බැදුණි. පත්‍ර කලා ජීවිතයේදී වඩාත් ප්‍රකට වූයේ තීරු ලිපි රචකයෙකු වශයෙනි. රයිගම් රාළ, භූත රිපෝටර්, ලුනටික්කා, උකුස්සා, රණරාළ, සංගුරා වැනි ආරූඪ නම් වලින් රචිත එකී තීරු ලිපි වලින් අතීත හා අදීන පත්‍ර කලා වේදියෙකු ලෙස ජනාදරයට පාත්‍ර විය.

                           ග්‍රන්ථ කරණයට ප්‍රවිශ්ඨ වූයේ 1974 දී 'රන් තැටියක කදුළු' නැමති කාව්‍ය සංග්‍රහය පළ කරමිනි. එයට එම වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. එතැන් සිට පළ කෙරුණු කෘති පෙළ අතර 'නොවඳිමි සිදුහත්' 'දොරමඬලාව' යන කාව්‍ය සංග්‍රහයෝද 'කැනල් පාරේ නිශාචරයෝ' (1986 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' (1990 රාජ්‍ය සාහිත්‍ය සම්මාන) යන කෙටි කතා සංග්‍රහයෝද පොදු ජනයාගේ මිනිහෙක්, නදී තෙර කුමරිය වැනි පරිවර්තන කෘතීහුද වෙති.

               
                කලුරිය කරන විට 'සිව් දෙස' නැමති වාර ප්‍රකාශනයෙහි සංස්කාරකවරයා ලෙස සේවය කරමින් සිටියේය. 1996 ඔක්තෝබර් මස 07 වැනිදා මහරගමදී කලුරිය කළේය.

6 comments:

Unknown said...

good thing for students

BetterBlog said...

godak watinawa.....thank

HSPodda said...

Thank you.
Great Information.

World Information said...

මගේ 9 ශ්‍රේනියේ සිංහල පඩමකට මේ විස්තරය ගොඩක් ප්‍රයෝජනවත් වුනා.thank you

Unknown said...

Thank you for this information

Afzal said...
This comment has been removed by the author.

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න