Pages

Wednesday, April 27, 2016

ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු. / Political information in Sri Lanka



* බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයේ ප්‍රථිපල ලෙස ලංකාවට ලැබුණු දායාද.
 සර්වජන ජන්ද බලය
 මැතිවරණ ක්‍රමය
 පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය

* සර්ව ජන ජන්ද බලය.
           1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ අවුරුදු 21 ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින්ට ජන්ද බලය හිමි විය. 1959 වසරේදී ජන්දය පාවිච්චි කිරීමේ අවසරය ලැබෙන වයස් සීමාව අවු. 21 සිට 18 දක්වා අඩු කරන ලදී.



* ලංකාවේ ප්‍රධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා.
          1833 - කෝල්බෘක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
          1931 - ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
          1942 - සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
          1972 - ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
          1978 - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

* ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමය.
         ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

* ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ආරම්භ වූ වර්ෂ.
 ලංකා සමසමාජ පක්ෂය - 1935
 ලංකා ඉන්දියානු කොංග්‍රසය - 1939
 ලංකා කොමියුනිට් පක්ෂය - 1943
 එක්සත් ජාතික පක්ෂය - 1946
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 1951
 මහජන එක්සත් පෙරමුණ - 1951
 ජනතා විමුක්ති පෙරමුණ - 1965

* නිදහස් ලංකාවේ ආණ්ඩුකාරවරු.
       හෙන්රි මන්ක් මේසන් මුවර් - 1948 - 1949
       සෝල්බරි සාමි - 1949 - 1954
       සර් ඔලිවර් ගුණතිලක - 1954 - 1962
       විලියම් ගොපල්ලව - 1962 - 1982

* ශ්‍රී ලංකාවේ අධිකරණ සංවිධානය.
 ප්‍රාථමික අධිකරණය
 මහේස්ත්‍රාත් අධිකරණය
 පවුල් අධිකරණය
 දිසා අධිකරණය
 මහාධිකරණය
 ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය
 ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය.

* සමානුපාතික නියෝජන ක්‍රමය යනු.
          දිස්ත්‍රීක් මට්ටමින් ඒ ඒ පක්ෂයට ලැබුණු ජන්ද සංඛ්‍යාවට සමානුපාතිකව මන්ත්‍රී නියෝජනය හිමි වීමයි. මෙය මනාප ජන්ද ක්‍රමය ලෙසද හැදින්වේ. මෙම ජන්ද ක්‍රමය ඇති කරන ලද්දේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි.

* නිදහස ලැබීමෙන් පසු ලංකාාව් ඇති වූ කැරලි කෝලහාල.
 1. 71 කැරැල්ල. 
             වාමාංශික රැඩිකල් කණ්ඩායමක් වූ ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවනු ලැබූ තරුණයෝ 1971 අප්‍රේල් මාසයේදී සන්නදධව නැගී සිටිමින් පොලිස් ස්ථාන සහ වෙනත් ආයතන වලට පහර දුන්හ. මෙනිසා එවකට බලයේ සිටි එක්සත් පෙරමුණු රජය දැඩි අභියෝගයකට මුහුණ දුණි. රජය විසින් දැඩි මර්ධනකාරී ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් කෙටි කාලයක් තුලදී විප්ලවවාදීන් පාලනය කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මෙමෙ කැරැල්ලේ නායකයා විය.
                නිල සංඛ්‍යා ලේඛන අනුව කැරැල්ලේදී මිය ගිය සංඛ්‍යාව 1200 කි. අත්අඩංගුවට ගනු ලැබූ සංඛ්‍යාව 16335 කි. එසේ වුවත් සාමාන්‍ය පිළි ගැනීම අනුව මෙම කැරැල්ලෙන් 5000 ක් පමණ පිරිසක් මිය ගිය බව පැවසේ.

 2. 83 කළු ජූලිය.
           1983 දී ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් යාපනයේදී හමුදා සෙබලුන් 13 දෙනෙකු මරණයට පත් කිරීමත් සමගම රට පුරා සිවිල් කෝලහාල ඇති විය. මෙය ද්‍රවිඩ ජාතිකයින්ට අයිතිව තිබූ ව්‍යාපාර එැසකට අහිතකර ලෙස බලපෑවේය. ඔවුන්ගේ දේපළ හා ජීවිත රැසක් විනාශ විය. මෙයින් ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ඉමහත් අපකීර්තියකට මුහුණ දීමට සිදුවූ අතර L.T.T.E. ය ප්‍රමුඛ අනෙකුත් සටන්කාමී ද්‍රවිඩ කල්ලි වලට ඉමහත් ප්‍රචාරයක් ලැබිණි.
             83 දී ඇති වූ මෙම සිවිල් කෝලහාලය සන්නිවේදන මාධ්‍යයන් විසින් පසු කාලයේදී "83 කළු ජූලිය ලෙස හැදින්විය. ලංකාව මුහුණ පා ඇති ජනවාර්ගික ගැටුම උග්‍ර කිරීමෙහි ලා ප්‍රබල ලෙස බල පෑ සාධකය මෙය සැළකෙයි.

 3. 1988-89 භීෂණ සමය.
         1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම නිසා ඔවුන් නැවතත් සන්නද්ධ අරගල කෙරෙහි නැඹුරු වන්නට විය. රටෙහි ඇති වූ විවිධ දේශපාලන සිදුවීම් නිසා 1988-89 වන විට මේතත්වය වඩාත් දරුණු විය. තම ප්‍රතිපත්ති වලට විරුද්ධ විවිධ තරාතිරමේ පුද්ගලයින් ජ.වි.පෙ. විසින් ඝාතනය කරන ලදී. රටේ සමස්ථ ආර්ථික හා සාමාජික පදනම දෙදුරුම් කන තත්වයකට පත්විය. අවසානයේදී සන්නද්ධ හමුදා බලය යොදා කැරලි කරුවන්ව මැඩ පවත්වන්නට රජය ක්‍රියා කළේය. "කළු බළල්ලු" නම් භයානක අභිරහස් කණ්ඩායමක්ද ක්‍රියාත්මක විය. දසදහස් ගණන් තරුණ ජීවිත විනාශ වූ අතර ඒ අතර පාසල් සිසුවියන්ද විශාල පිරිසක් විය.
          කැරැල්ලේ නිමාවක් දක්නට ලැබුණේ ජවිපෙ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමත් සමගය. ඔහු ලවා රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරවන ලදී. එහෙත් අවසානයේදී රෝහණ විජේවීර ඉතා ගුප්ත අන්දමින් ඝාතනයට ලක් වුණි. ජවිපෙට අයත් අනෙකුත් නායකයින්ද මෙම ඉරණමට ගොදුරු වූහ. මේ සමගම අති විශාල ජීවිත හානි සහ දේපොළ හානි ප්‍රමාණයක් ගෙන දුන් 1988-89 භීෂණ සමය ක්‍රමයෙන් යටපත් වන්නට විය.

 4. එල්. ටී. ටී.ඊ සංවිධානය.
            විටෙකදී දේශපාලන සංවිධානයක් වශයෙන්ද විටෙකදී ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන්ද විටෙකදී බෙදුම්වාදී සංවිධානයක් ලෙසද යනාදී විවිධ මුහුණුවර වලින් කටයුතු කළ මෙම සංවිධානය ලොව ප්‍රසිද්ධ සංවිධානයක් බවට පත්ව තිබුණි. ප්‍රධාන වශයෙන්ම මෙය ප්‍රසිද්ධ වී තිබුණේ භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසිනි.
             එල්. ටී. ටී. ඊ සංවිධානය ආරම්භ කර ඇත්තේ 1976 දී වේලුපිල්ලේ ප්‍රභාකරන් විසිනි. දේශපාලන අංශයේ උපදේශකයා ඇන්ටන් බාලසිංහම්ය. මෙම සංවිධානය අංශ කිහිපයකින් යුක්ත වී තිබිණි. එනම් කළු කොටි, මහුදුකොටි, කාන්තා බලකාය මේ අතරින් ප්‍රධාන අංශයන්ය. මෙයින් මුලු ලොවම භීතියෙන් සසල කලේ කළු කොටි අංශය හෙවත් මරාගෙන මැරෙන කොටින්ගේ අංශයයි.
           එල්.ටී.ටී. ඊ සංවිධානය විසින් කරන ලද දේපළ හා මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවකි. ඔවුන්ගේ ප්‍රථම මහා මංකොල්ලය ලක්ෂ අසූවේ නිරාවේරී මහජන බැංකු මංකොල්ලයයි. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ශ්‍රී ලංකා ජනාධිපති ආර් ප්‍රේමදාස, ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න, එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඔවුන්ගේ ප්‍රධාන මිනිස් ගොදුරු බවට පත්විය. පිටකොටුව, මරදාන, මහනුවර, ශ්‍රී ලංකා මහ බැංකුව, ගලදාරී හෝටලය කටුනායක ගුවන් කදවුර/ තොටුපොළ ඔවුන්ගේ මාරක බෝම්බ වලට ගොදුරු වූ ස්ථානයන්ගෙන් ප්‍රධාන තැනක් ගනී.
          මිනිස් ගාතන ලක්ෂ සංඛ්‍යාත ගනනක් හා දේපල හානි සිදු කරමින් ව්‍යාප්ත වී තිබුණු ලෝකයක් බියෙන් සසල කල අවුරුදු 30 ක් පුරාවට පැවති මෙම සංවිධානය එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ත්‍රිව්ධ හමුදාව විසින් 2009 මැයි 18 වන දින සංවිධාන නායක ප්‍රභාකරන් මරුමුවට පත් කිරීමත් සමගම මෙම ව්‍යසනය යටපත් විය.

*  නිදහස් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු සහ අගමැතිවරු.
    . මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමා.
              ලංකාවේ පලමුවන අග්‍රාමාත්‍යවරයා වේ. 1948 - 1952 දක්වා.
              " ජාතියේ පියා" යන විරුදාවලිායන් හදුන්වයි.

    . ඩඩ්ලි එස්. සේනානයක මැතිතුමා.
            ලංකාවේ දෙවන අගමැතිතුමා වේ. 1952 - 1953, 1960 සහ 1965 - 1970 දක්වා.
            " බත් දුන් පියා" ලෙසින්ද හදුන්වයි.

    . ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා.
              තුන්වන අග්‍රාමාත්‍ය වේ. 1953 - 1956 දක්වා.

    . එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා.
              හතරවන අග්‍රාමාත්‍යවරයා වේ. 1956 - 1959 දක්වා.
              " ආසියාවේ රිදී සීනුව" ලෙසින්ද හදුන්වනු ලබයි.

   . විජයානන්ද දහනායක මහතා.
            පස්වන අග්‍රාමාත්‍යවරයා වේ. 1959 - 1960 දක්වා.

    . සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය.
            1960 - 1965, 1970 - 1977 සහ 1994 -2000 දක්වා.
            ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරිය වේ.

    . විලියම් ‍ගොපල්ලව මහතා.
             1962 - 1972 දක්වා අවසාන අග්‍රාණ්ඩුකාරවරයා ලෙසද 1972 - 1978 දක්වා
             ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

    . ජේ.ආර් ජයවර්ධන මහතා.
            1947 දී ලංකාවේ ප්‍රථම මුදල් ඇමති විය. 977 -1978 දක්වා
            දසවැනි අගමැති ලෙස කටයුතු කළේය. 1978 - 1989 දක්වා
            ප්‍රථම විධායක ජනාධිපති ලෙස කටයුතු කළේය.

    . ආර් ප්‍රේමදාස මහතා.
                   1978 - 1989 දක්වා 11 වන අගමැති ලෙස කටයුතු කළේය.
                   1989 - 1993 දක්වා දෙවන විධායක ජනාධිපති ලෙස කටයුතු කළේය.
                   ගම් උදාව ව්‍යාපෘතියෙන් දිළිදු පවුල් ලක්ෂ ගණනකට නිවාස ලබා දීමට පියවර
                   ගත්තේය.

    . ඩී.බී විජේතුංග මහතා.
               1989 - 1993 දක්වා 12 වන අගමැති ලෙස කටයුතු කළේය.
               1993 - 1994 දක්වා තුන්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළේය.

    . චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය.
              1994 අගෝස්තු - නොවැම්බර් දක්වා 14 වැනි අගමැති විය.
              1995 - 2004 දක්වා හතරවන විධායක ජනාධිපති ලෙස කටයුතු කළේය.

    . රත්නසිරි වික්‍රමනායක මහතා.
           දෙවරක් අග්‍රාමාත්‍ය දූරයට ලක්විය. 2000 - 2001 සහ 2005 - 2010 දක්වා.

    . දි.මු ජයරත්න මහතා.
         19 වන අග්‍රාමාත්‍යවරයා. 2010 - 2014 දක්වා.

    . මහින්ද රාජපක්ෂ මහතා.
          2004 - 2005 දක්වා 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
          2005 - 2014 දක්වා පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළේය.

    . රනිල් වික්‍රමසිංහ මහතා.
          දෙවරක් අග්‍රාමාත්‍ය දූරය දැරීය. 1993 - 1994 සහ 2002- 2004 දක්වා.
          2015 සිට 20 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස වර්තමානයේ කටයුතු කරයි.

    . මෛත්‍රිපාල සිරිසේන මහතා.
           හයවන විධායක ජනාධිපති ලෙස 2015 සිට වර්තමාන ජනාධිපතිවරයා ලෙස
           කටයුතු කරයි.
            
     

              

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න