Pages

Saturday, April 23, 2016

ලංකාවේ මුහුදුබඩ ලක්ෂණ / Coastal characteristics in Sri Lanka

* ශ්‍රී ලංකාවට අයිති දූපත්
උතුරු සහ වයඹදිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත් - ඩෙල්ෆ්ට්, කයිට්ස්, පුන්කුඩුතිව්, පරෙයිතිව්, නයනතිව්, කච්චතිව්, වේලනෙයි, මන්ඩතිව්, මන්නාරම දූව.


මඩකලපුව ආසන්නයේ - බෆලෝ දූපත

ත්‍රිකුණාමලය ආසන්නයේ - වටදූව, කුඩා සෝබර් දූපත

ත්‍රිකුණාමලය - කෝකිලායි අතර - ලොකු සෝබර් දූපත, පෙරම් දූපත

නිරිතදිග වෙරළාසන්නයේ - බේරුවල දූපත, සීනිගම දූපත, ගල්පර දූපත

ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ - මහා රාවණා කෝට්ටේ, කුඩා රාවණා කෝට්ටේ.


* ශ්‍රී ලංකාව් මහද්වීපික තටකයේ පවතින ප්‍රධාන ඉවුරු.
මුතු ඉවුර, වොප් ඉවුර, පේදුරු ඉවුර

* ශ්‍රී ලංකාවේ වෙරළ ඉමෙහි ඇති ප්‍රධාන තුඩු
උතුරු වෙරළ ඉමෙහි - පේදුරු තුඩුව, යක් තුඩුව.
වයඹදිග වෙරළ ඉමෙහි - කුදිරමලේ තුඩුව
නැගෙනහිර වෙරළ ඉමෙහි - ෆවුල් තුඩුව, ඈන් තුඩුව, සංගමන්කන්ද තුඩුව.
දකුණු වෙරළ ඉමෙහි - දෙවුන්දර තුඩුව.

*ලංකාවේ වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බොකු
වයඹ දිග වෙරළ - මන්නාරම් බොක්ක, පෘතුගාල බොක්ක
නැගෙනහිර වෙරළ - තම්බලගම් බොක්ක, කොඩ්ඩියාර් බොක්ක, වන්ඩලූක බොක්ක, ආරුගම් බොක්ක, ඔකදවර බොක්ක.
දකුණු වෙරළ - වැලිගම බොක්ක, බේරුවල බොක්ක

* ශ්‍රී ලංකාවේ ප්‍රධාන කලපු
උතුරු වෙරළ - තොන්ඩමනාර කලපුව, යාපනය කලපුව
වයඹ වෙරළ - මන්නාරම් කලපුව, පුත්තලම් කලපුව, මුන්දල කලපුව
බටහිර හා නිරිතදිග වෙරළ - හලාවත කලපුව, මීගමුව කලපුව, ලුනාව කලපුව, කළුතර කලපුව.
දකුණු වෙරළ - කොග්ගල කලපුව, දෙවුන්දර කලපුව, රැකව කලපුව, කලමැටිය කලපුව
නැගෙනහිර වෙරළ - තිරුකෝවිල් කලපුව,  මඩකලපුව, උප්පූර් කලපුව, උලකලේ කලපුව, ටකන්තල් කලපුව.
ඊසාන වෙරළ - උප්පුවේලි කලපුව, පෙරියකරච්චි කලපුව, කුච්චවේලි කලපුව, කෝකිලායි කලපුව, මුලතිව් කලපුව, නයාරූ කලපුව, කන්නිකඩල් කලපුව.

*ලංකාවේ ප්‍රධාන ලේවා
එලිෆන්ට් පාස්
පුත්තලම
හම්බන්තොට

*ලංකාවේ ප්‍රධාන වගුරු බිම්
මුන්දලම හා පුත්තලම කලපු ආශ්‍රිත ප්‍රදේශ
මුතුරාජවෙල
දේද්දුව හා බොල්ගොඩ යන ජලාශ අවට ප්‍රදේශය
ලුනාව හා කලමැටිය යන කලපු ආශ්‍රිත ප්‍රදේශ
බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රදේශය.

*වැලිපර
කළු ගගේ මෝය අසල.
*මුහුදු දඹ
ත්‍රිකුණාමලය වෙරළ ඉමෙහි.
*ඩෙල්ටා
කලා ඔය, මී ඔය සහ මහවැලි ගග යන ගංගා මුහුදට වැටෙන ස්ථානයන්හි.

* ලංකාව වටා වෙරළාශ්‍රිත මුහුදු පෙදෙසෙහි කොරල්පර පිහිටා ඇති ප්‍රධාන ප්‍රදේශ.
අම්බලන්ගොඩ මාතර වෙරළ තීරය.
මහා රාවණ සහ කුඩා රාවණ කොටු ආශ්‍රිත ප්‍රදේශ.
මඩකලපුවේ පාසිකුඩා ප්‍රදේශය.
ත්‍රිකුණාමලයේ කුච්චවේලි තීරය.
මන්නාරම හා කල්පිටිය වෙරළ තීරය.
යාපනය දූපත් අවට ප්‍රදේශය.





0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න