Pages

Friday, April 22, 2016

ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය / Prehistoric Period of Sri Lanka

ශ්‍රී ලංකාවට ආර්යයන්ගේ පැමිණීමට පෙර යුගය ප්‍රාග් ඓතිහාසික යුගය නම් වේ. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 6වන සියවසට පමණ පෙර වූ යුගයයි. 

* ශ්‍රී ලංකාවේ මානවයා පොදු වශයෙන් අයත්වන මානව වර්ගය හෝමෝ සේපියන් නම් වේ. 


* පුරා විද්‍යාත්මක කැනීම් වලින් ප්‍රාග් ඓතිහාසික මානවයා පිලිබද තොරතුරු ලැබී ඇති ප්‍රධාන ස්ථාන.
1. පදියගම්පල ගොනාටු ගල්ලෙන.
2. කිතුල්ගල බෙලිලෙන.
3. කුරුවිට බට දොඹ ලෙන.
4. බලංගොඩ බෙල්ලන්බැදි පැලැස්ස.
5. බුලත්සිංහල පාහියන් ලෙන.

* බලංගොඩ මානවයා.
              ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබද කරුණු සැළකීමේදී බලංගොඩ මානව යුගයට විශේෂ ස්ථානයක් හිමි වේ. ක්‍රි.පූ. 28000ත් ක්‍රි.පූ. 9500ත් අතර කාලපරිච්ජේදයට බලංගොඩ මානව යුගය අයත් වේ.පොදු වශයෙන් බලංගොඩ මානවයා යනුවෙන් හදුන්වන්නේ එම යුගයේ මෙරට ජීවත් වූ මිනිසුන්ය.බලංගොඩ බෙල්ලන්බැදි පැලැස්ස නම් ස්ථානයෙන් බලංගොඩ මානවයාට අයත් විවිධ ආයුධ හා මිනිස් ඇට සැකිළි මූලික වශයෙන් හමු වී ඇත.මීට අමතරව බලංගොඩ සංස්කෘතියට අයත් ඓතිහාසික සාධක හමු වී ඇත්තේ බටදොබලෙන,බලංගොඩ දියපින්නේ උඩු පියන්ලෙන, රාවණා ඇල්ල ගල්ලෙන යන ස්ථාන වලිනි. 
                   පුරා විද්‍යාඥ ආචාර්ය ෂිරාන් දැරණියගල මහතා බලංගොඩ මානවයා පිලිබද කරුණු සෙවීමට විශේසයෙන් උනන්දු වී ඇති අයෙකි. මොහු විසින් මෙම මානව වර්ගය "හෝමෝ සේපියෙන්ස් බලන්ගොඩෙන්සීස්" ලෙස නම් කර ඇත. මොහුගේ පර්යේෂණ වලට අනුව වැදි ජනතාවද පැවත එන්නේ බලංගොඩ මානවයාගෙන් බව පැවසේ.

*පාහියන් ලෙන.
           කලුතර දිස්ත්‍රීක්කයේ බුලත්සිංහලට නුදුරුව පිහිටා ඇති යන්ගල පසු කාලිනව පාහියන්ගල නමින් ප්‍රසිද්ධ විය. ඒ පාහියන් නම් භික්ෂුව ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන අතර මෙහි ඇති ප්‍රධාන ලෙනෙහි ලැගුම් ගෙන වුන් බව ජනප්‍රවාදයෙහි පවතින බැවින්ය.
            අවුරුදු 37000 ක් පමණ පැරණි මානව හා සත්ව ශේෂ මෙම ලෙනෙහි ඇති බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.1986 සහ 1987 යන කාල වකවානු වලදී මෙහි කැනීම් සිදු කර ඇත්තේ පුරා විද්‍යාත්මක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල හා සහකාර අධ්‍යක්ෂක ඩබ්.විජේපාල යන විද්වතුන්ගේ මග පෙන්වීම යටතේයි.
              පාහියන් ලෙනින් හමුවී ඇති කෞතුක වස්තූන් අතර වසර 31000ක් ඉක්මවන හිස් කබල් හා අස්ථි කොටස් විශේෂ වේ. මෙම යුගයට අයත් ජන සමූහයා ගල් ආයුධ භාවිතා කර ඇති අතර ගිනි මෙළවීම කර ඇති බවටද සාධක හමුවේ.
               මේ අනුව මේ දක්වා ශ්‍රීලංකාවේ කැණීම් කර ඇති ප්‍රාග් ඓතිහාසික වාස භූමි අතරින් පැරණිතම වාසභූමිය පාහියන් ලෙන වේ.
















* වංශ කතා වලට අනුව විජයාවතරණයට පෙර මෙරට වාසය කළ ගෝත්‍රික වර්ග.
    . යක්ෂ
    . නාග
    . රාක්ෂ
.යක්ෂ - තම්මන්නෑව, මහියංගනය 
. නාග - නාගදීපය, කැළණිය
. රාක්ෂ - කදුරට යන ප්‍රදේශ වල වාසය කර ඇත.

* විජයාවතරණයට පෙර ලංකාවේ සිදු වූ වැදගත් සිදුවීම්.
   . බුදුන් වහන්සේගේ ලංකා ගමනය.

* බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ ස්ථාන.
   .පළමුගමනය :-  මහානාග උද්‍යානයට වැඩම කර පසුව මහියංගනයට වැඩම කිරීම.
   . දෙවනගමන :- නාගදීපයට වැඩම කිරීම.
   . තෙවන ගමන :- කැළණියට වැඩම කිරීම සහ සමනල ගිර මුදුනෙහි ශ්‍රීපාද ලකුණ     පිහිටුවීම. 

* සිංහල ජාතියේ ආරම්භය.
    වංශ කතා වලට අනුව සිංහල ජාතියේ ආරම්භය වන්නේ ඉන්දියාවේ ලාට රට සිට (බෙංගාල) මෙහි පැමිණි විජය කුමරු ඇතුලු සත්සියයක් පිරිසගෙනි.
             එහෙත් බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ උතුරු ඉන්දියාවේ සිට වරින්වර ලක් දිවට පැමිණි ආර්ය ජන කොටස් මෙහි විසූ මුල් වැසියන් සමග සම්මිශ්‍රණය වීමෙන් සිංහල ජාතිය බිහිවුණු බවයි.

* ශ්‍රී ලංකාවේ වැදි පරපුරේ ආරම්භය පිලිබදව පවත්නා ප්‍රධාන මත.
          එක් මතයකට අනුව විජය රජුට දාව කුවේණියට උපන් ජිවහත්ථ සහ දිසාලා නම් දරු දෙදෙනාගෙන් පැවත එන පරපුරට අයත් ජන කොටසකි.
            තවත් මතයකට අනුව විජය රජුගේ යුගයට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙරට ජීවත්ව සිටි සේ සැළකෙන ආදි මානවයාගෙන් පැවත එන ආදිවාසීන් කොට්ඨාසයකි.

* ප්‍රධාන වැදි බිම්.
            බින්තැන්න හා දඹාන යනාදි ප්‍රදේශ මෙරට ප්‍රධාන වැදි බිම් වශයෙන් පැවතුණි. එහෙත් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ පසු වැදි ජනතාවගෙන් කොටසක් හෙන්නියාගල හා රතුගල ආදී ප්‍රදේශ වලට වාසය සදහා ගොස් තිබේ.

* ඓතිහාසික සාධක අනුව වැදි වර්ග.
     1. ගල් වැද්දෝ
      2. ගම් වැද්දෝ
       3. කරා වැද්දෝ

 * වැදි වරිග
       1. ඌරු වරිගේ
        2. උනාපාන වරිගේ      
         3. මොනර වරිගේ
          4. කලා වරිගේ.

            
         =============================================================
                      ===================== ගුරුතුමා වෙබ්===================

          

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න