Pages

Saturday, April 30, 2016

ශ්‍රී ලංකාවේ විවිධ ආගම්. / Various religions in Sri Lanka



* ආගම් අනුව ශ්‍රී ලංකා ජන සංයුතිය.
     බෞද්ධ
     හින්දු
     මුස්ලිම්
     රෝමානු කතෝලික
     අනෙකුත්
















                         * බෞද්ධාගම.

     . බෞද්ධාගම ලොවට හදුන්වා දුන්නේ,
           ගෞතම බුදුන් වහන්සේ.

     . බුදු බව ලැබීමට පෙර එතුමන්ව හැදින්වූ නාමය,
            සිද්ධාර්ථ ගෞතම.

      . සිද්ධාර්ථ කුමරුගේ මවු පියන්,
            මව - මහා මායා දේවිය.
            පියා - සුද්දෝදන රජතුමා.

     . සිද්ධාර්ථ කුමරුන් උපන් දේශය සහ ස්ථානය.
            දේශය - කපිලවස්තු පුරය.
            ස්ථානය - ලුම්බිණි සල් උයන.

* බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ ස්ථාන.
          පළමුවර - මහියංගනය
         දෙවනවර - නාගදීපය.
          තෙවනවර - කැළණිය.

* බුදුන් වහන්සේගේ ජීවිත කාල පරිච්ජේදය.
        ක්‍රි.පූ. 623 - ක්‍රි.පූ. 543

* බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය.
         කුසිනාරා නුවර, මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයන.

* බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සව.
         වෙසක් උත්සවය, පොසොන් උත්සවය.

* ලංකාවට බෞද්ධාගම හදුන්වා දුන්නේ.
           සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 235 කට පසු ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස විසින්ය. එවකට ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස රජුය. එදින පොහෝ දිනක් වූ අතර පොසොන් උත්සවය ඒ අනුව යෙදී ඇත.

* ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීම.
         මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් මාස කිහිපයකට පසු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් ලංකාවට වැඩම කරවන ලදී.

* දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම.
        ක්‍රි.ව 313 දී පමණ හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් කාලිංග දේශයේ සිට දන්ත දාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී. මෙම අවධියේ ලංකාවේ පාලකයා වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුයි.

* ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකායන්.
      සියම් මහ නිකාය. - පිහිටුවීම 1753
     අමරපුර නිකාය - පිහිටුවීම 1803
      රාමඤ්ඤ නිකාය - පිහිටුවීම 1865

* බෞද්ධ ජනතාව අදහන සොලොස්මස්ථාන.
        1. මහියංගනය
        2. නාගදීපය
        3. කැළණි විහාරය
        4. ශ්‍රී පාදස්ථානය
        5.දිවා ගුහාව.
        6. දීඝවාපී චෛත්‍යය
        7. මුතියංගනය
        8. තිස්ස මහා විහාරය
        9. ශ්‍රී මහා බෝධිය.
       10. මිරිස වැටිය
        11. රුවන්වැලි සෑය
       12. ථූපාරාමය
       13. අභය ගිරිය
       14. ජේතවන දාගැබ
       15. සේල වෛත්‍යය
       16. කතරගම වෙහෙර.

* අනුරාධපුරයේ අටමස්ථාන.
        1. ශ්‍රී මහා බෝධිය.
        2. රුවන්වැලි මහා සෑය.
        3. ථූපාරාමය.
        4. ලෝවාමහාපාය.
        5. අභයගිරි දාගැබ.
        6. ජේතවනාරාමය.
        7. මිරිසවැටිය.
        8. ලංකාරාමය.

* පැරණි ග්‍රන්ථ අතරින් ගිහි බෞද්ධයන් අතර වඩාත් ප්‍රචලිත බෞද්ධ ග්‍රන්ථ.
        . පන්සිය පනස් ජාතක පොත.
        . සද්ධර්ම රත්නාවලිය.
        . පූජාවලිය.
        . බුත්සරණ.

* වර්තමානයේ ලංකාවේ බෙහෙවින්ම ප්‍රසිද්ධියට පත්ව ඇති බෞද්ධ සිද්ධස්ථාන.
        මහනුවර ශ්‍රී දළදා මාලිගය
        අනුරාධපුර ශ්‍රී මහා බෝධිය
        ශ්‍රී පාදස්ථානය
        කැළණි විහාරය

* බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා.
        හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා.
       


                                * හින්දු ආගම.

* හින්දු ආගමිකයන් විසින් පිලිගනු ලබන ත්‍රිමූර්තිය.
     බ්‍රහ්ම
     විෂ්ණු
     පරමේෂ්වර

* චතුර්වේදය.
     සෘග්
     යජූර්
      සාම
     අථර්වන්

* හින්දු ධර්මය පිළිබද ප්‍රසිද්ධ ග්‍රන්ථය.
     භගවත් ගීතාව.

* ලංකාවේ හින්දු ආගමිකයින්ගේ ප්‍රධාන ඇදහිල්ල.
      ශිව ඇදහිල්ල හෙවත් ශිව ආගම.
   * ශිව ඇදහිල්ලට අනුව උත්තරීතර දෙවියන් ලෙස සළකනුයේ ශිව දෙවියන්ය.
   * ශිව ඇදහිල්ලට අනුව ලොව පවතනුයේ ශිව දෙවියන්ගේ සමාධි බලයෙනි.
   * ශිව දෙවියන්ගේ දේවිය පාර්වතී දේවිය.
   * දරුවන් පුල්ලෙයාර් ( ගණේෂ් ) හා මුරුගන් ( ස්කන්ධ) ලෙස සදහන් වේ.
   * ශිව ලිංග වන්දනාව වඩාත් ප්‍රචලිත වන්දනා ක්‍රමයකි.

* හින්දු ආගමික බලපෑම් මෙරට සමාජය කෙරෙහි පළමු වරට ප්‍රධාන වශයෙන් බලපවත්වනු ලැබුයේ පොළොන්නරු යුගයේ සොළී පාලන සමයේදීය.

* මහා ශිව රාත්‍රී උත්සවය ශිව දෙවියන් පුදන ප්‍රධාන ආගමික උත්සවයයි.


                                     * ඉස්ලාම් ආගම.

* ඉස්ලාම් ආගමේ නිජබිම ලෙස අරාබි දේශය සැළකේ.

* ඉස්ලාම් ආගමේ ආදී කර්තෘවරයා මුහම්මද් තුමාය.

* ඉස්ලාම් ආගම අනුව එකම දෙවියන් වනුයේ අල්ලාහ් දෙවියන්ය.

* අල්ලාහ් දෙවියන් සිය දේව පණිවිඩය දුන්නේ මුහම්මද් තුමාටය.

* මුහම්මද් තුමා උපන් ස්ථානය අරාබියේ මක්කම නම් නුවර බව සැළකේ.

* මුහම්මද් තුමාගේ මව ආමිනා ලෙසත්, පියා අබ්දුල්ලා ලෙසත් සදහන් වේ.

* මුහම්මද් තුමාගේ බිරිඳ කදීජාය.

* අල්ලාහ් දෙවිදුන් විසින් මුහම්මද් තුමාට දුන් ඉස්ලාම් ධර්මය ලියැවී ඇති පූජනීය මුස්ලිම් ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරාණය මුස්ලිම් භක්තිකයින්ගේ පූජනීය වස්තුවකි.

* මුහම්මද් තුමාගේ ජීවන කාල පරිච්ජේදය ක්‍රි.ව.571 සිට ක්‍රි.ව. 632 දක්වා වූ කාලය බවට සැළකේ.

* මුස්ලිම් ආගම ලක්දිව ජනයා අතර ප්‍රචලිත වූයේ ක්‍රි.ව. 7 වන සියවසේ පමණ ඈත කාලයේ සිට පැමිණි අරාබි වෙළෙදුන් හා දේශ සංචාරකයන් මගිනි.

* මුස්ලිම් ආගමට සම්බන්ධ ප්‍රධාන උත්සව.
         මිලා-දුන්-නබි
         රාමසාන්
         හජ්ජි


                    * කතෝලික ආගම.


 * බයිබලය කතෝලික ධර්මය පිළිබද ලියැවී ඇති ශුද්ධ වූ පෞරාණික ආගමික ග්‍රනථයකි.

 * ශුද්ධ වූ බයිබලයේ ප්‍රධාන කොටස් දෙක පරණ ගිවිසුම සහ නව ගිවිසුමය.

* සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ධර්මය ලොවට දේශනා කළ ශ්‍රේෂ්ඨ ආගමික දූතයා ලෙස සැලකෙන්නේ ජේසුස් වහන්සේය.

 * ජේසු තුමාගේ මව මරිය තුමීය. භාරකාර පියා ජුසේ තුමාය.

 * ජේසු තුමාගේ උපත සිදු වූයේ බෙත්ලෙහෙම් පුරයේ දිළිදු ගවලෙනකය.

 * ජේසු තුමාගේ අති ශ්‍රේෂ්ඨ දේශනය කන්ද උඩ දේශනයයි.

 * නොකළ වරදකට ජේසු තුමන් කුරුසියේ ඇණ ගසා මරණයට තීන්දු කළේ පොන්සියුස් පිලාත් නව රෝම ආණ්ඩුකාරවරයායි.

 * කතෝලික ආගමට අයත් ප්‍රධාන ආගමික සංවිධානය රෝමානු කතෝලික සභාවයි

 * රෝමානු කතෝලික සභාවේ නායකයා පාප්තුමාය.

 * පාප් තුමාගේ නිල නිවස වනුයේ රෝමයේ වතිකානු මාලිගයයි.

 * කතෝලික ආගමිකයින්ට වාර්ෂිකව උදා වන වැදගත්ම අවස්ථා නත්තල සහ පාස්කුවය.

 * කතෝලික ආගම ලංකාවට හදුන්වා දුන්නේ පෘතුග්‍රීසීන් විසින්ය.







       

     

         
          

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න