1903 වර්ෂයේ දී "උන්නාවී" නම් දිස්ත්‍රීක්කයේ "ශෂිපූර්" නැමති ග්‍රාමයේ උපත ලැබූ භගවතී චරන් වර්මා කුඩා කල සිට ම සාහිත්‍යයට ඇලුම් කළේය. තාන්පූර් හි පාසලක සත් වැනි පන්තියේ සිටි යදී ඔහු විසින් ලියන ලද කවි "ප්‍රතාප්" නැමති සගරාවේ පළ විය.
එකල ඔහුගේ වයස අවුරුදු දහ හතරක් විය. ඉලාහබාද් විශ්ව විද්‍යාලයෙන් බී. ඒ හා එල්. එල්. බී යන උපාධි ලැබූ හෙතෙම කලක් නීතීඥ වෘත්තියෙ හි යෙදුණේය. පසුව එයින් ඉවත් වී සාහිත්‍ය කටයුතු වලම නිරත වෙන්නට විය.
1921 වර්ෂයේ දී චර්මාගේ ප්‍රථම කෙටි කතාව විශ්වම්භර්නාථ ශර්මා ක්‍රොසික් නැමති ලේඛකයාගේ "හින්දි මනෝරන්ජන්" නම් පුවත් පතේ පළ විය. 1931 වර්ෂයේ සිට කෙටි කතා ලිවීම කෙරෙහිම සිත යොමු කළ භගවතී චරන් වර්මා පසු කාලයේ දී විශිෂ්ට ස්ථානයකට පත් විය. අනතුරුව "ඉන්ස්ටෝල්මන්ට්" හා "දෝ බාකේ" යන කෙටි කතා සංග්‍රහ දෙක එළි දැක්වුණු අතර නවකතා කරුවෙකු මෙන් ම කවියෙකු ලෙස ද මොහු හින්දි සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකට විය.
1950 වර්ෂය පමණ වන තෙක් ඔහු හින්දි සාහිත්‍යයේ " මහා ගත්කරු" ප්‍රේම් චන්ද් අනුව යමින් නවකතා කරණයෙහි යෙදුණේය. "පතන්" "චිත්‍ර ලේඛා" "ටේඩේ- මේඩේ රාස්තේ" "ආබිරිදාව්" භූලේ බිස්රේ" "චිත්‍ර ෆීර් නහී ආර්" "අප්නේ අප්නේ බ්ලෝනේ" ආදිය ඔහු විසින් ලියන ලද නව කතා කිහිපයකි. ව්‍යංගාත්මක ශෛලියකින් විශිෂ්ට ලෙස චරිත නිර්මාණය කිරීම අතින් භගවතී චරන් වර්මා හින්දි සාහිත්‍යයේ අද්විතීය පුද්ගලයෙක් ලෙස සැළකේ.
වර්මාගේ කෙටි කතා බොහෝ දුරට ලං වන්නේ ප්‍රේම් චන්ද්ගේ ශෛලියට ය. වර්මාගේ නිර්මාණ වල භාෂාව සජීවී බවින් යුක්තය. පිරුලු ආදිය යෙදීමෙන් පෝෂණය කර ඇති බැවින් ඉතා රසවත්ය. එසේම සරලය.
ස්වභාවික වර්ණනා රීතියක් අනුගමනය කරන අතර නිරන්තරයෙන් පාටකයා තුළ කුතුහලය ජනිත කරයි.
ආචාර්ය ත්‍රිභූවන්සිංහ සදහන් කරන අන්දමට හින්දි සාහිත්‍යයේ ව්‍යංග පූර්ණ රචනා ලිවීමෙහි ඇති දක්ෂතා වූයේ භගවතී චරන් වර්මාය.
0 comments:
Post a Comment