1880 වර්ෂයේ දී ජූලි මස 31 වන දින බරණැස අසල ලමහී නම් ගම්මානයේ උපත ලැබූ ප්‍රේමචන්ද්ගේ මුල් නාමය "ධන්පත්රායි" ය. ඔහුට අවුරුදු 08 පිරෙද්දී මව මිය ගියාය.
තැපැල් කාර්යාලයක සුලු සේවකයෙකු වූ පියා දෙවැනි විවාහයක් ද කරගත් අතර කුඩා ධන්පත්රායි ට කුඩම්මාගෙන් කරදර විදින්නට සිදු විය. ඔහුට වයස අවුරුදු දහ හතර පිරෙද්දී පියා ද මිය ගියේය. පවුලේ සියලු බර දරමින් ඉතා දුක සේ ස්වෝත්සාහයෙන් ඉගෙනීම කළ ඔහු බී.ඒ උපාධිය පසු කාලයේ දී හින්දි සාහිත්‍යයේ "මහා ගත්කරු" ලෙස සම්මානයට පාත්‍ර වූ මේ අද්විතීය හින්දි ලේඛකයාගේ ජීවිතය ඇරඹී ඇත්තේ ඉතා දුක්ඛිත ලෙසය.
උර්දු හා ෂාර්සි භාෂාවන් පිළිබද පුලුල් දැනුමක් ඔහුට තිබූ අතර මුලින් ම උර්දු බසින් ලේඛනයේ යෙදුණේ "නවාබ්රායි" යන ආරූඨ නාමයෙනි. 1901 වර්ෂයේ දී නවකතා ලිවීම ඇරඹූ අතර 1907 වර්ෂයේ දී කෙටි කතාකරණයට ද හෙතෙම ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ඇරඹී තිබුණු නිදහස් අරගලයේ හඩින් ප්‍රබෝධමත් වී සත්‍යග්‍රහ ආදී විරෝධතා ව්‍යාපාර වලට එක් වෙමින් රජයේ රැකියාව අත් හැර දැම්මේය.1923 වර්ෂයේ දී "සරස්වතී" නමින් මුද්‍රණාලයක් අරඹා "හංස" නැමති හින්දි සාහිත්‍ය සගරාව ආරම්භ කළේය.
හින්දි නවකතාවේ යුග නිර්මාතෘවරයා වශයෙන් සැළකෙන ප්‍රේම්චන්ද් විසින් "සේවාසදන්" "ප්‍රේමාශ්‍රම්" "රංගභූමි" "කායාකල්ප්" "නිර්මලා" "ගබන්" "කර්මභූමි" හා "ගෝදුන්" ආදී වශයෙන් නවකතා රාශියක් ලියන ලදී. හින්දි ප්‍රබන්ධ කතා සාහිත්‍යයට යථාර්තවාදී මුහුණුවරක් දීමේ ගෞරවයද ප්‍රේම්චන්ද්ටම හිමි විය. එමෙන් ම ඔහු හින්දි කෙටි කතා දෙසියයක් පමණ රචනා කර ඇත.
1936 වර්ෂයේ දී ඔක්තෝබර් මස 08 වන දින ඔහු මරණයට පත් විය.
0 comments:
Post a Comment