ක්‍රි.ව. 1564 වර්ෂයේ විලියම් ශේක්ස්පියර් ස්ට්‍රැෆර්ඩ් නගරයේ උපත ලැබීය. ජෝන් ශේක්ස්පියර් නම් වූ ඔහුගේ පියා තරමක පොහොසත් වෙලෙන්දෙකි. ඔහුගේ මව මේරි ආර්ඩන් නම් වූ අතර ඇය සාමාන්‍ය පවුලක තැනැත්තියකි.
වයස අවුරුදු හයේ සිට ශේක්ස්පියර් ඉගෙනුම ලැබුවේ "බිග් ස්කූල්" නම් පාසලෙනි. පියාගේ වයාපාර බිදවැටීම හේතුවෙන් ඔහු අවුරුදු 13 දී ඉගෙනීම අත්හරිනු ලැබීය.
වසය අවුරුදු 18 දී එනම් 1582 නොවැම්බර් 27 වෙනි දින ස්ට්‍රැෆර්ඩ් හි පිහිටි ෂොටරි නම් ගමෙහි ගොවියෙකුගේ දියණියක් වූ ඈන් හතාවේ සමග ශේක්ෂ්පියර් විවාහ විය. ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණි. ඉන්පසු ඔවුහු ලන්ඩන් නගරයට පදිංචියට ගියේය. ඒ කාලයේ ලන්ඩන් නගරයේ නාට්‍ය කලාව ඉතා ජනප්‍රිය වී තිබූ අතර විවිධ නාට්‍ය රගදක්වමින් පැවතුණි.
1594 වර්ෂයේ දී චැම්බර්ලීන් සාමිවරයාගේ "ලෝඩ් චැම්බර්ලීන්" නම් නාට්‍ය කණ්ඩායම පිහිටුවනු ලැබීය. එම නාට්‍ය කණ්ඩායාම් නාට්‍ය ඉතා ජනප්‍රිය විය. ශේක්ස්පියර් එහි නලුවෙකු වශයෙන් සේවයට බැදුණේය. ශේක්ස්පියර් නාට්‍ය ජීවිතයෙන් ඉවත් වන තුරුම එහි සාමාජිකත්වය දැරුවේය.
16 - 17 වන සියවස් වල ඉංග්‍රීසීන් මුල් තැන දුන්නේ ලතින් භාෂාවටය. නමුත් ශේක්ෂ්පියර් තම මව් බසින්ම නාට්‍ය රචනා කලේය. ශේක්ස්පියර්ගේ නාට්‍ය සමුදාය දළ වශයෙන් කොටස් තුනකට බෙදේ. එනම් ඛේදාන්ත,සුඛාන්ත හා ඓතිහාසික යනුවෙනි.
ඛේදාන්ත නාට්‍ය - රෝමියෝ ජුලියට්, ජුලියස් සීසර්, හැම්ලට්, ඔතෙලෝ, කිං ලියර්, මැක්බත්, ඇන්ටනී හා ක්ලියෝපැට්රා, කොරියොලේනස්, ටිමන්, ටෙුායිලස් හා ක්‍රෙසිඩා.
සුඛාන්ත නාට්‍ය - ලවුස් ලේබල්ස් ලොස්ට්, කොමෙඩ් ඔෆ් එරරස්, ටූ ජන්ට්ල්මෙන් ඔෆ් වෙරෝනා, මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම්, මර්චන්ට් ඔෆ් වෙනිස්, ටේමින් ඔෆ් ද ෂ්රෑ, මෙරි වයිව්ස් ඔෆ් වින්ඩ්සර්, මව් අ ඩූ එබවුට් නතිං, ඈස් යූ ලයික් ඉට්, ට්වෙල්ෆත් නයිට්.
ඓතිහාසික වෘතාන්ත - හෙන්රි ද සික්ස්ත්, රිචර්ඩ් ද තර්ඩ්, රිචර්ඩ් ද සෙකන්ඩ්, කිං ජෝන්, හෙන්රි ද ෆෝත්, හෙන්රි ද ෆිප්ත්.
නාට්‍ය රචනයෙන් නොනැවතුණු ඔහු කාව්‍ය රචනයට ද යොමු විය. ඔහු විසින් රචිත කාව්‍ය එක් තැන් කොට "100 පොයම්ස්" නමින් කාව්‍ය රචනාවක් ද එලි දැක්වීය.
ලතින් හා ග්‍රීක් නාට්‍ය කලාවට යට වී තිබු ඉංග්‍රීසි නාට්‍ය ක්ෂේත්රය ඔහු විසින් නව මගකට යොමු කරවන ලදී. මෙය අහම්බෙන් සිදු වූවක් නොව, කාලීන නාට්‍ය සමාජයේ අවශ්‍යතා අනුව වුවමනාවෙන්ම කරන ලද්දකි. ෂේක්ස්පියර් ගේ නාට්‍ය කලාව එකල එම සමාජයට නැවුම් අත්දැකීමක් විය. එනිසා ඉතා ඉක්මනින් ශේක්ස්පියර්ගේ නිර්මාණ වටා ප්‍රේක්ෂක සමාජයක් ගොඩ නැගෙන්නට විය. "හැම්ලට්" නාට්‍යය පැරණි ඩෙන්මාක් කතාවක් පාදක කරගෙන තිබෙන කතා වස්තුවක් වන නමුදු ජීවමාන ලෝකයේ ක්‍රියාශීලී වන සජීවී පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යවහාර සමාජයකට අනුකූල වේ. එමෙන්ම චරිත නිරූපණයෙහි සජී වී භාවයක් ඇත. ශේක්ස්පියර් එයින් ඇති කරන ලද මේ නව නැම්ම ප්‍රේක්ෂකයා තුල අබිරුචියක් ඇති කරවීමට සමත් විය.
1596 දෙසැම්බර් මාසයේ එක් දිනෙක රගහලක් ඉදිරිපිට ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට පොරකමින් දගලන මිනිසුන් රැසක් වූහ. ඒ දිනයේ ප්‍රවේශ පත්‍ර අවසන් වී ඉදිරි දිනයේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමටය. ක්ෂණිකයෙන් ඒවා ද අවසන් වී තිබුණි. ඒ විලියම් ශේක්ස්පියර්ගේ "වැනීසියේ වෙළෙන්දා" නැරඹීමටය. මෙම සිද්ධියෙන් ඔහුගේ නාට්‍ය සදහා කෙතරම් නම් පිරිසක් එක් වී සිටයේ ද යන්න පැහැදිලි වේ.
1610 දී ලන්ඩන් නුවරින් සමු ගත් විලියම් ශේක්ස්පියර් තම උපන් ගම වූ ස්ට්‍රැෆර්ඩ් වෙත ගියේය. 1616 දී වයිලියම් ශේක්ෂ්පියර් මෙලොව හැර ගියේය. ඔහුගේ දේහය ස්ට්‍රැෆර්ඩ් දේවස්ථාන භූමියේ මිහිදන් කර ඇත.
ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න.........
1 comments:
Amazing 💫
I like it 💕💕💕💕
Post a Comment