
කුඩා බණ්ඩා සුබසිංහ ඔහුගේ පියාණන්ය. හෙණ්ඩියගල පාසලෙන් මූලික අධ්‍යාපනය ලද සුබසිංහ මහතා මීගමුවේ ශාන්ත මේරි හා කොලඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. ආනන්ද විද්‍යාලයේ දී දේශමාමක බෞද්ධ උගතුන් රැසක් ඇසුරු කළ තරුණ සුභසිංහ 1926 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් ව සමාජ සේවය කරනු පිණිස තම උපන් ගමට ආවේය.
ආහාර නිෂ්පාදනය, මැලේරියා මර්දනය හා සමූපකාර ව්‍යාපාරය ආදියේ පෙරමුණ ගෙන ක්‍රියා කළ සුබසිංහ මහතා 1940 දී හෙණ්ඩියගල විදුහලේ දී සදලංකාව සමූපකාර සමිතිය ආරම්භ කොට මෙරට සමූපකාර ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන්නේය.එය පාරිභෝගික අංශ, පොල් නිෂ්පාදනය, තොග හා සිල්ලර අලෙවිසැල්, ආරෝග්‍යශාලා, ඉන්ධන පිරවුම් හල්, මුද්‍රණාල, සිනමාශාලා ආදී හැම අංශයක්ම ඇතුළත් කරගත් මහා ව්‍යාපාරයක් සේ වර්ධනය විය.
සතොස සභාපති තනතුර හා මහජන බැංකුවේ ප්‍රථම සභාපති යන තනතුරු වැටුප් රහිතව ඔහු විසින් හොඹවනු ලැබීය. එමෙන්ම සදලංකා මධ්‍ය මහා විද්‍යාලය පිහිටු වීමට පුරෝගාමීව කටයුතු කළේ ද ඔහුය. පාර්ලිමේන්තුවේ කතානායක ධූරය හා කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍ය තනතුරු දැරූ ටී.බී සුභසිංහ වින්සන්ට් මහතා සුභසිංහ මහතාගේ සොහොයුරෙකි.
ශ්‍රී ලංකාවේ වාසය කළ සැබෑ සමාජ සේවකයෙකු ලෙස 1985 වර්ෂයේ දී වින්සන්ට් සුභසිංහ මහතා මෙලොව හැර ගියේය.
0 comments:
Post a Comment