
1862 වර්ෂයේ මොස්කව් නගරයේ උපත ලද කොන්ස්ටන්ටැයින් පවුස්තවුස්කි මහතා සෝවියට් රුසියානු ලේඛකයෙකි.
ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංක්යා ලේඛන නිළධාරියෙක් විය. පියා යුක්රේනයට ස්ථාන මාරුවක් ලබාගෙන යාම නිසා පවුස්තවුස්කි මුලින්ම අකුරු කළේ 'කිවි" නගරයේ පාසලකය. බසිය ද්විතීයික අධ්‍යාපනයෙන් පසු "කිවි" විශ්ව විද්‍යාලයට ඇතුලත්වුණු ඔහු අනතුරුව මොස්කව් විශ්වවිද්‍යාලයට ඇතුලු වී උපාධියක් ලබා ගැනීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කළේය. නිර්මාණ කරණයට ඔහු අවතීර්ණ වූයේ 1911 වර්ෂයේ කිවි නගරයේ පලවුණු "ඔග්නි" නම් වූ සගරාවට ලියූ කෙටි කතාවකිනි.
එහෙත් සත්‍ය ජීවිතය තුළින් අවබෝධ කරගත් අත්දැකීම් නොමැතිව නිර්මානකරණයට බැසීමේ නිශ්ලඵභාවය අවබෝධ කරගත් පවුස්තවුස්කි මහතා සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කතිරීමත් සමග ජීවිතය ගැට ගසා ගැනීම සදහා තමාට ලැබුණු කවර හෝ රැකියාවක් කරමින් රුසියාව පුරාම ඇවිද්දේය. මෙසේ ඔහු වානේ කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙද, වෛදය සහායෙකයෙකු වශයෙන්ද, පුවත්පත් කලාවේදියෙකු වශයෙන්ද, පාසල් ගුරුවරයෙකු වශයෙන් ද, ට්රෑම් රථ කොන්දොස්තර කෙනෙකු වශයෙන් ද, විවිධ රැකියාවල නිරත විය.
එසේම ශීතලෙන් මිරිකෙන උතුරු දිග තුන්ද්‍රා ප්‍රදේශ වලද පැහැදිලි නිරාකූල අහස්තලයෙන් යුතු යහපත් දේශගුණය සහිත ඔඩෙස්සා වැනි දකුණු පුදේශ වලද ශුෂ්ක කාන්තාර ලක්ෂණ බහුල මධ්‍ය ප්‍රදේශ වලද ඔහු සැරිසැරීය. මේ ගමන් වල දී ඔහු ස්වභාව ධර්මයා විසින් නිමැ වූ විවිධ භූ ලක්ෂණ නෙතින් දුටුවා පමණක් නොව විවිධාකාර ජීවිත අත්දැකීම් ද අත් වින්දේය.
"ද රොමැන්ටික්ස්" "ද බ්‍රිලියන්ට් ක්ලවුඩ්ස්" "කරාබුගාස්" "කොල්විස්" "ද ෆෙට් ඔෆ් චාල්ස් ලොන්සෙවිල්" "ද නොදර්න් ස්ටෝරි" යන නවකතා ද කෙටි කතා රාශියක් ද පවුස්තවුස්කි විසින් ලියන ලදී.
"රන් රෝස මල" හා "මගේ ජීවන ප්‍රවෘත්තිය" යන නිර්මාණ ද මෙයට අමතරව ඔහු අතින් ලියැවුණි.
0 comments:
Post a Comment