
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයෙක් ලෙස හැදින්වීමට හැකිය. 1818 වර්ෂයේ නොවැම්බර් 19 වන දින උපත ලැබීය.
මෙතුමා ඔර්යෝල් ප්‍රදේශයේ රදළ පවුලක උපන්නේය. ඔහුගේ මව ක්‍රෑර රදල ස්වාමි දුවක් වූවාය. තුර්ගේනිෆ් තරුණ කාලයේ දීම වහල් භාවයට එරෙහිව සටන් කිරීමට දිවිරුම් දුන්නේය.
19 වැනි සියවසේ මැද බාගයේ දී පමණ "දඩයක්කාරයෙකුගේ සටහන්" නම් පොදු ජන ජීවිතය පළ කරන කතා සංග්‍රහය ලිවීමෙන් ඔහු සාහිත්‍යයට පිවිසියේය.
තුර්ගේනිෆ් නවකතා හයක් ද බොහෝ කෙටි කතා ද ලියා ඇත. දහ නව වන සියවසේ රුසියානු සමාජයේ පිබිදීම අදහස් උදහස් හා මානසික සුවබාවය මෙම කතා වලින් කදිමට කියැවේ.
ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි ලේඛකයෙකු වූ ජෝන් ගැලැස්වර්දි තුර්ගිනේෆ් ගේ "මුමු" නම් කතාව ගැන මෙසේ ලියා ඇත. "ක්‍රෑර භාවයට එරෙහිව මෙතරම් තියුණු ලෙස ලියන ලද කතාවක් සාහිත්‍යයෙහි කිසි කලෙක නොවීය.
වසර 64 ක් ආයු වළදා 1883 සැප්තැම්බර් 03 වන දින එතුමා මෙලොව හැර ගියේය.
ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න...........
0 comments:
Post a Comment