Pages

Monday, April 25, 2016

ප්‍රධාන වෘක්ෂලතා කලාප. / Main vegetation zones.

* ප්‍රධාන වෘක්ෂලතා වර්ග.
 1. වනාන්තර
 2. තණ බිම්
 3. කඩොලාන හා ජලජ පැලෑටි.

* ශ්‍රී ලංකාවේ විවිධ වනාන්තර වර්ග.
 1. පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර (බටහිර සහ නිරිතදිග පහත්බිම් වල ව්‍යාප්තව ඇත.)


 2. කදුකර සදාහරිත හා සෞම්‍ය වනාන්තර (කදුකරයේ 1000 mට වඩා උස් බිම් වල ව්‍යාප්තව ඇත.)

 3. පහතරට වියලි කලාපීය වනාන්තර (පහතරට වියලි කලාපයේ)

 4. අර්ධ ශුෂ්ක කලාපීය කටු පදුරු සහිත ලදු බිම්.(වයඹ දිග හා ගිනිකොන දිග ප්‍රදේශ වල.)

* නිවර්තන වනාන්තර වර්ගයට අයත් විශාල ගණ වනාන්තර.
 සිංහරාජ අඩවිය, කන්නලිය, දෙදියගල, කැළණි නිම්නය, මුලටියන, නාකියාදෙනිය, රම්මලේ කන්ද.

* ලංකාවේ විවිධ තණ බිම් වර්ග.
 1. පතන තණ බිම්.
          තෙත් පතන වර්ග, හෝටන් තැන්න, එල්ක් තැන්න, සදතැන්න, බෝපත්තලාව යන ප්‍රදේශ වල ද, විලි පතන වර්ග දෙනියාය, වැලිමඩ, රක්වාන ආදී ප්‍රදේශ වල ප්‍රධාන ලෙස දක්නට ඇත.

 2. තලාව තණ බිම්.  
          ප්‍රධාන ලෙස ගල්ඔය, බිබිළ, නිල්ගලතලාව, වැලිකන්ද යන ප්‍රදේශ වල දක්නට ඇත.

 3. දමන තණ බිම්.
           පොළොන්නරුව, ගල්ඔය ආදී ප්‍රදේශ වල ප්‍රධාන  ලෙස  දක්නට ඇත.

 4. විල්ලු තණ බිම්.
            අනුරාධපුරය, පොලොන්නරුව, මහවැලි ඔය යන ප්‍රදේශවල මෙම තණ බිම් ප්‍රධාන ලෙස දක්නට ඇත. හදපාන විල්ලුව, ගිංගල විල්ලුව, කරපොල විල්ලුව, පුතුගල විල්ලුව යන මේවා මහවැලිය අසල ඇති ප්‍රධාන විල්ලු කිහිපයකි.

කඩොලාන වෘක්ෂලතා ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ.
 බටහිර වෙරළ - මීගමුව, පුත්තලම, මුන්දලම
 දකුණු වෙරළ - රැකව, කලමැටිය, කොග්ගල.
 නැගෙනහිර වෙරළ - තන්නිකඩල් කෝකිලායි, ත්‍රිකුණාමලය, මඩකලපුව.
 උතුරු වෙරළ - තොන්ඩමනාර, යාපනය.

* ලංකාවේ බහුලව දක්නට ඇති කඩොලාන ශාක.
           මහ කඩොල්, හීන් කඩොල්, මල් කඩොල්, මට්ටි කඩොල්, කටු ඉකිරි, කිරල, ගිංපොල්, කැරන්කොකු, වල් අනෝදා, නාවපට්ට, කදුරු, මියන.

* ලංකාවේ වෙරළාසන්නයේ වියළි වැලි බිම් ආශ්‍රිතව දැකියහැකි පැළෑටි.
          බිංතඹුරු, මහා රාවණා, හිරමණ දැත්ත, තොලබෝ, පතොක්, වැටකේ, සෙම්බුනෙරෙන්චි, ඇත්නෙරෙන්චි, කඩුපහර, ඇල්පිටවක්ක, මුහුදු දඩාකිරිය, මුහුදු අවර, මුහුදු කලාදුරු, මුහුදු ගැටකොළ.

* ලංකාවේ කටු කැළෑ පවතින ප්‍රදේශ
          මන්නාරම හා හම්බන්තොට. ( එරමිනියා, අන්දර, මහා නරාව, ඉදි, දලුක්, නවහන්දි, කෝමාරිකා, අක්කපාන, පතොක්, හාතවාරිය,ගදපාන මෙම කටු කැලෑවල දක්නට ඇති ප්‍රධාන ශාක වේ.)
        

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න