සුනන්ද මහේන්ද්‍ර මහතා විවිධ ක්ෂේත්රයන්හි පොහොසත් විද්වතෙකි. ඔහු කොළඹ ආනන්දය, මහනුවර ධර්මරාජය හා කැළණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය යන අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලැබුවේය.
සරසවි අධ්‍යාපනයෙහි යෙදුණු අවධියෙහි සිටම බටහිර නාට්‍ය කලාව පිළිබදව හැදෑරීමට ඔහු යොමු වී තිබේ. 1965 දී ඔහු මුලින්ම වේදිකා ගත කළ ' පිටස්තරයෝ ' පළමුවෙන්ම ජනතාව අතරට ගියේ ගුවන් විදුලි නාටකයක් ලෙසය. ඉන්පසුව නිෂ්පාදනය වූ නාට්‍ය ලෙස
01. ගැහැනියක් (1965)
02. සයුරෙන් ආ ලද
03. ජනහතුරා (1976)
04. පොකුරු වැස්ස (1979)
05. මග මරුවෝ (1982)
06. සොක්රටීස් (1991)
07. වෙකොව් සන්ද්‍යාව (1991)
08. ඊසොප් විවෘත උපමා රංගය හැදින්විය හැකිය.
සුනන්ද මහේන්ද්‍ර මහතා නාට්‍ය කරණයෙහි පමනක් සිය බුද්ධිය මෙහය වූ පුද්ගලයෙක් නොව විවධ පුවත්පත් වලට සම්බන්ධ වී ශාස්ත්‍රීය ලිපි ලියූ අයෙකි. එමෙන්ම ජනසන්නිවේදනය පිළිබද විවිධ පොත් එතුමා අතින් බිහිවී තිබේ. ඊට අමතරව ලමා කතා, නවකතා, කෙටි කතා ආදී කෘතීන් පනහකට ආසන්න ප්‍රමානයක් මෙතුමා අතින් ලියැවී තිබේ.
0 comments:
Post a Comment