Pages

Thursday, May 17, 2018

විරුවාණනි නුඹ

         සුභ දවසක් මගෙ යාළුවනේ.... කොහොමද ඔයාලට.... ගොඩක් කාලෙකට පස්සෙ අද තමයි මට ලියන්න වෙලාවක් හම්බුනෙ. අද විශේෂ දවසක් නිසා පුංචි සටහනක් තියල යන්නම් අපේ රණවිරුවන් වෙනුවන්.....


                   මීට අවුරුදු  9 කට කලින් මතකද අද වගේ දවසක මුළු රටේම කිරිබත් හදල පාරවල් ගානෙ ගෙවල් ගානෙ රතිඤ්ඤා පත්තු කරලා මිනිස්සු සතුට බුක්ති වින්දා. ඇයි ඒ. මොකක්ද හේතුව. අවුරුදු 30 ක් පුරාවටම තිබුණු බිහිසුණු ඊළාම් යුද්ධය නැවතුණු නිසා. ඒක ඉබේ නැවතුණේ නැහැ. අභීත නායෙකයෙකුගෙ මග පෙන්වීම මත උදාර අභීත රණවිරුවන් යුධ පිටියට ගිහින් ලේ මස් ඇට නහර දන් දුන්න නිසා තමයි අද අපි නිදහසේ සතුටින් ඉන්නෙ. ඒත් ඒක කීයෙන් කී දෙනාටද අද මතක තියෙන්නෙ.

                  තමන්ගෙ අම්මා තාත්තා සහෝදරයො ආදරණීය බිරිද දරුවන් ගෙවල් වල කදුලු අස්සෙන් හීන දකිනකොට ඒ හැම දෙයක් ම අතහැරල දාලා බුදු වෙන්න ගිය සිදුහත් කුමාරයා වගේ ඔයත් එදා රණබිමට ගියා. ඒක ගොඩක් වේදනාකාරියි . ඒත් සමස්ථ සිංහල ජාතිය වෙනුවෙන් විතරක් නෙවෙයි ඔයා එදා යුධ වැදුණෙ. මේ ලංකාවෙ වෙසෙන සියලුම ජාතීන් වෙනුවෙන්. මම දන්නවා දෙමළ ජාතිය සිංහල ද දෙමළ ද කියල නොබලා හැමෝටම තුවක්කුව දික් කරනකොට අහිංසක දෙමළ ජීවිතයක් බේරගත්ත හැටි ඔයාගෙ මතක පොතේ කොතනක හරි ලියැවිලා තියෙන බව. ඒ තමයි සිංහල කම. ඔයා කිසිම වෙලාවක කැමැත්තෙන් ගැහෙන හදවතක් නතර කරල දැම්මෙ නෑ කියලත් මම දන්නවා. තුවක්කුව අතට අරගෙන මුල්ම ප්‍රාණගාතය  කරනකොට ඔයාගෙ අතත් හිතත් වේවුලුව හැටි මතකද ඔයාට.

                 එතකොට ඔයාගෙ අම්මගෙ කදුලු බිරිදගෙ කදුලු ගැන හිත හිතා ඉන්න ඔයාට වෙලාවක් තිබුණෙ නැහැ. නන්නාදුනන මිනිස්සු ලක්ෂ ගානක කදුලු නිවන්නයි ඔයාට වුවමනා වුණේ. තමන් ලගම හිටපු සහෝදරයා කපා හෙලපු ගහක් වගේ බිම වැටෙද්දි හිත කඩා නොවැටුණා නෙවෙයි. ඒත් ඔයාගෙ හදවතයි අතයි දෙකම ශක්තිමත් වුණේ ක්ෂනිකව. තමන්ගෙ මිතුරගෙ දේහය ගෙදර අරන් යද්දි ඔයාට බයක් දුකක් නොදැණුනා නෙවෙයි. ඒත් ඔයා පැනල ගියෙ නෑ. සතුරන්ට රට දුන්නෙත් නෑ. උන් එක අඩියක් ඉස්සරහට තියද්දි ඔයා අඩි ගාණක් ඉස්සරහට තිබ්බා.  හරියට නින්දක් කෑමක් වතුර ටිකක් වත් තිබුණෙ නෑ ඔයාට. ඒත් ඔයා එක මොහොත්කවත් සැලුණෙ නැහැ. මේ රට අපේ කරගෙනමයි ඔයා නැවතුණෙ.

              ඒ දුක් උහුලල සමහර අය රණවිරු සෙවනට ගියා. සමහර අය මේ ලෝකෙන් ම යන්න ගියා. ඔයා මොන තත්වෙක හිටියත් හැමදාම ඔයා අමරණීයයි. අභීතයි. උදාරයි. අවුරුදු 9 ක මතකයන් එක්ක තවමත් ඔයාගෙ ආදරණීය අම්මගෙ සොදුරු ප්‍රියම්බිකාවගෙ ආදරණීය දරුවන්ගෙ සීතල කදුලු කැට මේ වෙනකොටත් මේ පොළොව තෙත් කරනවා ඇති. ඒත් ඔවුනුත් කලේ උදාර පරිත්‍යාගයක්. ඔයාට ලැබෙන පූජනීයත්වයම ඒ සොදුරු මිනිස්සුන්ටත් ලැබෙනවා.

                ඔයාගෙ අතින් කොච්චර මරණ ගාණක් වුණත් ඔයා කවදාවත් මිනීමරුවෙක් නෙවෙයි. මේ ලෝකෙට පහළ වුණු දෙවියෙක් ඔයා. හැමෝගෙම ගැලවුම්කාරයෙක්. අපි ණයයි ඔයාට ඔයාව මේ ලෝකෙට බිහි කරපු ඔයාගෙ අම්මට. ඉතින් ඔයාගෙ ආදරනීය අම්මටත් ඔයාටත් මේ පුංචි කවි සංකල්පනාව යුධ ගිනිදැල් නීවී ගොස් 9 වසක් ගෙවීයන මේ මොහොතේ උපහාරයක් ම වේවා කියලා ප්‍රර්ථනා කරනවා....

               නුඹේ අම්මා එදා සතුටින්
               අදහන දෙවියන් වැද දෑතින්
               ඉල්ලුවේ පින්බර පුතෙකු බව
               නොදන්නව අැති තවට වත් නුඹ....

               ඒ අම්මගේ දයාබර පුත් නුඹ
               යුද බිමට ගොස් අද දින
               තුවක්කුව යාලුවා කරගෙන
               විදින දුක හද පෙළෙනවා.....

               තල් ගස යට දහසක් සිතිවිලි මත
               තනි වී ඉන්නකොට නුඹ
               තනියට හිටියෙ තුවක්කුවමයි
               ඔය පපුවට තුරුළු වෙලා...

               ඇති වී නැති වි යන විට ඔය හිත මත
               සොදුරු බිරිදගෙ රුව
               නෙතු මත කදුලක් ඉතිරි වූ බව
               දන්නවා....

               හැලූ ලේ බිදු සොහොයුරන් පෙළ
               පිදූ පිදුමන් සියලු දේ අතහැර
               කියා ගන්නට වචන නැහැ මට
               අමරණීයයි විරුවනේ නුඹ......

               සිහින දිය කර නුඹේ ලෝකයේ
               ඒ නටඹුන් මතින් සුන්දර
               අපේ ලෝකය උදා කර දුන්
               වරුවනේ පින් නුඹට සදාකල්.....

                                            ජාතියේ මුර දේවතාවුනි ඔබට ගුරුතමා වෙබ් අපගේ උත්තමාචාරය මෙලෙසින්                                              පුද කරන්නෙමු..................!

           

               

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න